TECNO Mobile  නවතම මාදිලිය CAMON 17 ළඟදීම වෙළෙඳපොළට

ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන TECNO සිය නවතම දුරකථන මාදිලිය වන CAMON 17 ළඟදීම වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇත. Android මෙහෙයුම් පද්ධතිය පදනම් කර ගත් මෙම දුරකථනවලට අතිනවීන අංග රැසක් ඇතුළත් වී තිබේ. MediaTek Helio G85 (12 nm) chipset සමඟ Octa-core (2×2.0 GHZ Cortex-A75 & 6/18 GHz Cortex-a55) ප්‍රොසෙසරයක් යොදා ඇත. 48MP ප්‍රධාන කැමරාව සහ 16MP කැමරාව උසස් තත්ත්වයේ ඡායාරූප ලබා දීමට සමත් වන අතර, මිලිමීටර් 9 ක් වැනි සිහින් නිමාවකින් යුත්, පහසුවෙන් අතෙහි රඳවාගත හැකි ලෙස නිමවා ඇති මෙය ආකර්ෂණීය Frost Silver වර්ණයෙන් ලබාගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් TECNO Mobile – Sri Lanka හි අධ්‍යක්ෂ Ray Zhao මහතා මෙසේ පැවසීය: “අපගේ නවතම CAMON 17 මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. CAMON 17 යනු සාමාන්‍ය පාරිභෝගිකයන්ට හොඳින් ගැළපෙන, අලංකාර, සහනදායී මිලකට ලබාගත හැකි ස්මාර්ට් දුරකථනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රොසෙසරයක් මෙයට යොදා තිබෙනවා. එහි හුරුබුහුටි නිමාව සමග විශිෂ්ට ඡායාරූප හැකියාව එය භාවිත කරන්නන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දේවි. අතිනවීන තාක්ෂණය සමඟින් අද දවසේ අධිවේගී ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය වන නවීනතම තාක්ෂණය පොදු ජනතාව වෙත සමීප කරවීම, සන්නාමයක් ලෙස අපගේ මූලිකම අරමුණයි.”

CAMON 17 මාදිලිය හඳුන්වා දීමට සමගාමීව තවත් මාදිලි 4ක්, එනම් SPARK 7, SPARK 7 Pro, CAMON 17 Pro සහ POVA 2 යන මාදිලි ද හඳුන්වා දීමට TECNO කටයුතු යොදා තිබේ. මීට පෙර හඳුන්වා දුන් SPARK 6 මාදිලියට ලැබුණු ප්‍රතිචාරවලට සමාන උණුසුම් ප්‍රතිචාරයක් නව මාදිලිවලට ද ලැබෙනු ඇතැයි Ray Zhao මහතා වැඩි දුරටත් පැවසී ය.

නව දුරකථන මාදිලි ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සමගාමීව CAMON 17/17 Pro දුරකථනවලට යොදා ඇති කැමරාවල හැකියාවන් විදහාපෑම සඳහා ක්‍රිස් එවන්ස් රංගනයෙන් දායක වන ‘Rise of the Selfie’ වාර්තා වැඩසටහන ද ප්‍රථම වරට විකාශය කෙරෙනු ඇත. CAMON 17 හි ඇතුළත් කැමරාව දැනට වෙළෙඳපොළේ ඇති දුරකථන අතුරින් වඩාත්ම පැහැදිලි ඡායාරූප ලබාදෙන සෙල්ෆි කැමරාව ලෙස සැලකේ.

නව දුරකථනය හඳුන්වා දීමේ අවස්ථාවට රංගන හා නිරූපණ ශිල්පී රොෂෙල් රොජර්ස්, ඡායාරූප /සිනමා ශිල්පී Cjay, සංචාරක බ්ලොග්කරුවන් වන මාෂි (greenfolk_girl) සහ සහන් පෙරේරා ඇතුළු ජනප්‍රිය තරු රැසක් සහභාගී වීමට නියමිත ය. 2016 වසරේ සිටම සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ නිල ටැබ්ලට් සහ හෑන්ඩ්සෙට් හවුල්කරු ලෙස කටයුතු කරන TECNO කවදත් දේශීය හා ජාත්‍යන්තර තරු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන සන්නාමයකි●

 

 

 

Leave A Reply

Your email address will not be published.

seven + 13 =