ඇවන්ගාඩ් වංචා ගැන කියන්න අනුර ගෝඨාට එන්න කියයි

අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය වන දිල්රුක්ෂි ඩයස්ගේ දුරකථන ඇමතුමත් සමග නැවතත් ආන්දෝලනයට තුඩු දී තිබෙන ඇවන්ගාඩ් වංචාව පිළිබඳව තමන් සමග විවාදයකට එන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක අභියෝග කර සිටියේය. ඒ හිරු ටීවී මගින් විකාශනය වන සළකුණ වැඩසටහනේදීය.

එම ව්‍යාපාරය සම්බන්ධයෙන් එහි අධිපතිවරයා සමග විවාදයකට සූදානම් දැයි වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේ අනුර දිසානායක සඳහන් කර සිටියේ තමන්ට ප්‍රශ්නය ඇත්තේ එම ව්‍යාපාරය සම්බන්ධයෙන් නොව නාවික හමුදාව මගින් නැව් ආරක්ෂක සේවය පවත්වාගෙන යමින් රජයට ආදායම් උපයා දෙමින් සිටියදී එය කිසිම සාධාරණ හේතුවක් නොමැතිව පෞද්ගලික අංශය වෙත ලබා දෙනු ලැබුවේ කුමන අරමුණකිනද යන්න බවයි.

එම ප්‍රශ්න කිරීම තමාට ඇත්තේ එම ව්‍යාපාරය ලබාගත් ව්‍යාපාරිකයා සමග නොව එම ව්‍යාපාරය පුද්ගලයෙකු අතට පවරා දුන් ආණ්ඩුව සමග බවත් එහි වගකවයුත්තා ගෝඨාභය රාජපක්ෂ බවත් ඒ අනුව තමන් ගෝඨාභය රාජපක්ෂට තමන් සමග ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයට පැමිණෙන ලෙසත් ඔහු අභියෝග කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.

two × 5 =