වවාගෙන කනවා මුං

වෙනදා වගේ දැන් මඟුල් නටන්නේ බං
අද මැරුණත් මං කවුරුත් එන්නෑ දැං
මහ උන්ට මොකෝ නේ බං
ගොවියටත් කෙළවිලා දැං
වසංගතේ…
වවාගෙන කනවා මුං නොදකිං…
රණවිරු වෙදැදුරු මිහිපිට දෙවියෝ වන්
ඒ මිනිස්කමේ පිට මේ පාපෙත් නොදමන්
උන්ට මොකෝ හුළඟටත් වදිනවා බදු
හෝම් වර්ක් වැඩි වුණේ අපිටමයි බං
වසංගතේ…
නිවාඩු වැඩි වී වයිෆුත් ප්‍රෙග්නන්ට් දැං
පත්තරේ කැමරාව අටෝගත්ත තව උන්
ටෙලිනාට්‍යයක් වගේ අපේ ගෙදර ෂූටිං
වේලකට කන්න දී මාසෙකටත් වැඩියෙන්
හිනා අරන් අපෙ කඳුළු විකුණනවා උන්
වසංගතේ…
නියපොත්තෙන් නොකඩා
පොරොව හොයනවා දැන්

 

මාමඩලේ ගැමුණු වික්‍රමසූරිය
Leave A Reply

Your email address will not be published.

twenty − 3 =