පොහොට්ටුවේ කපුවෙක් කෝටි දහයක් කප්පම් ගන්න දැරියක පැහැරගන්න ගිහින් මාට්ටු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් පසුගියදා පිහිටුවනු ලැබූ ශාන්තිකරුවන්ගේ සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපුවෙකු සහ ඔහුගේ සහායකයා පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන ගොස් වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කරමින් සිටියදී පොලිසිය වෙත ලැබී ඇති ඔත්තුවක් මත පසුගිය 22වන දින දොඩංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කපුවාගේ පුත්‍රයාද එම ප්‍රදේශයේම ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අතර වෛද්‍යවාරයාගේ දැරිය සහ මෙම කපුවාගේ දරුවා කලකට පෙර එකම ජාත්‍යාන්තර පාසලක එකම පන්තියේ අධ්‍යාපනය ලබා ඇත.

පොලිස් වෙසින් පැමිණ පැහැරගෙන රුපියල් කෝටි දහය‍ෙකප්පම් මුදලක් ලබාගැනීමට මෙහිදී සැලසුම් කර තිබූ බව කපුවාගේ පාපොච්චාරණය අනුව හෙළීවූ බව දොඩන්ගොඩ පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔවුන් සතුව තිබී බෝම්බ සෑදීමට යොදා ගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල්, බයිසිකල්වලට යොදන යකඩ බෝල විශාල ප්‍රමාණයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මේ දිනවල දැරියගේ පියා විදෙස් රටක සංචාරය කරමින් සිටින නිසා පැහැරගැනීම ඔහු නැති අවස්ථාවක සිදු කිරීමට ඔවුන් දිනයොදාගෙන තිබී ඇත. පොලිස් වෙසින් නිවසට ගොස් පැහැරගැනීම සිදු කර සැකකාර කපුවාට අයත් පාළු නිවෙසක රඳවා කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලන ආකාරයද මොවුන් සැලසුම් කර තිබේ.

පැහැරගන්නා සැලසුම ව්‍යර්ථ වුවහොත් බෝම්බයක් පුපුරුවා වෛද්‍යවරයාගේ බිරිය හා දියණිය ඝාතනය කිරීමටද වැඩිදුරටත් සාකච්ඡා කර තිබූ බව අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් තොරතුරු අනාවරණය වී ඇත.

කපුවා සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක්ද හමුවී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සැලවීමෙන් පසු ප්‍රධාන සැකකරුගේ බිරිය විසින් පොලිස් නිල ඇඳුම් මුළුතැන්ගෙයි පෝරනුවේ දමා පුලුස්සා ඇති අතර එහි කොටස් සහ අළු සොයාගැනීමටද පොලිසිය සමත්ව ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48 රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන බව දොඩන්ගොඩ පොලිසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.

twenty + eleven =