Sysco LABS Sri Lanka, වාර්ෂික සම්මාන රාත්‍රිය සමඟ අභියෝගාත්මක වසරක් සමරයි

Sysco LABS සම්මාන උලෙළ 2014 වසරේ දී හඳුන්වා දෙනු ලැබුවේ වඩාත්ම කැපීපෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහා ය. මෙම සම්මාන උලෙළ මූලික වශයෙන් සංවිධානය කරනු ලැබුවේ මේ විෂයය සම්බන්ධයෙන් දස්කම් දැක්වූවන් අගැයීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා ීහිජද ඛ්ඊී හි විෂයමූලික ගුණාංග මුල් කර ගනිමින් Sysco LABS විසින් ඊට ප්‍රතිලාභ ලබා දීමට ය.

මෙම අවස්ථාවට Sysco LABS Sri Lanka සම නිර්මාතෘ, කළමනාකාර අධ්‍යක්ෂ සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා එක් වූ අතර, අභියෝගාත්මක වසරක් තුළ තම කණ්ඩායම දිරිගැන්වීම පිළිබඳවත්, Sysco සංස්ථාවට උපකාර කිරීම පිළිබඳවත් කණ්ඩායමට සුබ පැතුම් එක් කළේ ය. වසංගත තත්ත්වය මධ්‍යයේ ලොව පුරා සිටින ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට සහාය දක්වන බවත් සිය කතාවේ දී සාමාන්‍යාධිකාරී සහ උප සභාපති, රසික කරුණාතිලක මහතා පැවසී ය. ඔහු සිය සමාගමේ වාර්ෂික සමාලෝචනය ඉදිරිපත් කළ අතර එහි දී විශිෂ්ට ප්‍රතිලාභ  ලබා ගැනීමට දායක වූ කණ්ඩායම් අගය කළේ ය.

Sysco LABS හි කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් කැපීපෙනෙන ඉංජිනේරු විශිෂ්ටතා සහ ඉංජිනේරු කණ්ඩායම් පිළිගැනීම සඳහා හඳුන්වා දුන් Hall of Fame සම්මානය, නායකත්ව කණ්ඩායම විසින් විශේෂ පිළිගැනීමේ සම්මානය, Sysco Shop කණ්ඩායමට පිරිනමන ලදී. දෙවන අනුශූරතාව Sysco Delivery කණ්ඩායම සහ පළමු අනුශූරතා සම්මානය Pay Plus කණ්ඩායමට හිමි විය. 2020 වර්ෂය සඳහා Hall of Fame සම්මානයෙන් පිදුම් ලැබුවේ Cloud Pricing කණ්ඩායමයි.

2020 වසරේ දී ඔවුන් කළ කැපීපෙනෙන දායකත්වය අගයමින්, People Operations” Marketing and Corporate Communications, Finance. Talent Acquisition. IT. Property සහ Mobility අංශ ප්‍රධානීන් වෙත පිරිනමන ලද Shared Services විශිෂ්ටතා සම්මානය මෙම වසරේ දී පිරිනැමීය●

 

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

17 − 13 =