කරුණාවන්තකම හොඳ ඖෂධයක්…

හැබැයි, සමහර ප්‍රශ්න තියෙනවා කරුණාවන්තකමින් පමණක් විසඳන්න බැරි.

ඔබ‍ට පුළුවන් තව කෙනකුගේ ගැටලු‍වක ප්‍රතිකාරයේ කොටසක් වෙන්න. හැබැයි ඔබට බැහැ තව කෙනකුගේ ගැටලු‍වේ ප්‍රතිකාරය වෙන්න. නිතර නිතර ඔබත් එක්ක තමන්ගේ වේදනාව කියන්නේ මානසික පසුබෑමකට ලක් වුණු අයෙක් වෙන්න පුළුවන්. සමහර විට ඒ කෙනා විෂාදයෙන් පීඩා විඳිනවා වෙන්නත් පුළුවන්.

දිගින්දිගටම සැමියාගෙන් පහරකෑම නිසා මානසිකව ඇදවැටුණු කෙනකුට එක පාරටම පොලිසියට ගිහින් පැමිණිලි කරන්න හයියක් නැහැ. ගෙදර දෙමවුපියන්ගේ දබර නිසා මානසිකව ඇදවැටුණු දරුවකුට “හොඳට ඉගෙන ගන්න. එතකොට ඔය ප්‍රශ්න විසඳෙනවා” කියලා කිව්වත්, ඒ දරුවට ඒකට හයියක් නැහැ.

කෙනෙක් ප්‍රශ්නයක් කිව්වම ඔබට ඒක විසඳන පැහැදිලි ක්‍රමය පෙනේවි. ඔබ ඒ ක්‍රමය අනිත් කෙනාට ඉක්මනින් කියන්නේ, ඒ කෙනාව ප්‍රශ්නයෙන් බේරා ගන්නමයි. ඒ ඔබේ කරුණාවන්තකම. හැබැයි අනිත් කෙනා ඔබ පෙන්වපු විසඳුම ප්‍රශ්නයට ආදේශ කර ගන්නේ නැතුව, දිගින්දිගටම දුක කියනවා නම්, අන්න එතැන ගැටලුවක්. බොහෝ වෙලාවට මේ වගේ අවස්ථාවල දී ඔබට තරහත් යනවා. ඇත්තෙන්ම මානසික පසුබෑමක් තියෙන කෙනාට විසඳුම පෙනුණත් ඒක ක්‍රියාවට නංවන්න හයියක් නැහැ.

දිගින්දිගටම සැමියාගෙන් පහරකෑම නිසා මානසිකව ඇදවැටුණු කෙනකුට එක පාරටම පොලිසියට ගිහින් පැමිණිලි කරන්න හයියක් නැහැ. ගෙදර දෙමවුපියන්ගේ දබර නිසා මානසිකව ඇදවැටුණු දරුවකුට “හොඳට ඉගෙන ගන්න. එතකොට ඔය ප්‍රශ්න විසඳෙනවා” කියලා කිව්වත්, ඒ දරුවට ඒකට හයියක් නැහැ.

මානසිකව ඇදවැටුණු කෙනකුට විසඳුම හොයාගෙන යන්න හයියක් වෙන්න පුළුවන් මානසික උපදේශනයට විතරමයි. ඒකට සුදුසුකම් ලත් මනෝ උපදේශකයකුට මැදිහත් වෙන්නම සිදු වෙනවා. ඔබේ කරුණාවන්තකමට, සවන් දීමට පුළුවන් ඔහුගේ සුව වීම ඉක්මන් කරන්න. ඒ හැර ඔහුගේ සුව වීම හෝ සුව නොවීම ගැන ඔබට සෘජුව කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් ඔබට ඔවුන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ තමයි, ඔවුන්ට සවන් දෙන ගමන් මනෝ උපදේශකයෙක් වෙත යොමු කරන එක. ප්‍රශ්නේ විසඳන්න තියෙන හරිම ක්‍රමවේදය ඒකයි.

ඒ වගේම තමයි, මානසිකව ඇදවැටුණු කෙනකුට ඉක්මනට තරහ යනවා. ඒ අය තරහ පිට කරන්නේ ඔබෙන්. මොක ද? ඔවුන්ට කරුණාවන්ත ඔබ නිසා. ඔවුන්ට නපුරුකම් කරන අයට තරහ පෙන්නන්න ඔවුන් බයයි. ඔබ කිසි විටෙක ඔවුන්ගේ තරහ පිට කිරීමේ මාධ්‍යය නොවිය යුතුයි. මොක ද? ඔබේ ළඟ ඉන්න කෙනෙක් නිතර නිතර ඔබට තරහ පෙන්වනවා නම්, නිරෝගී ඔබත් මානසිකව ඇදවැටෙන්න ඉඩ තියෙන නිසා. ඔවුන්ට නපුරු වෙන්න එපා. හැබැයි, පැහැදිලිව සහ සෘජුව එයට අකැමැති බව කියන්න.

“මට ඕනේ ඔයාට උදවු කරන්න. හැබැයි ඔයා මට තරහ පෙන්වන එකට නම්, මම කොහෙත්ම කැමති නැහැ.”

මනෝ උපදේශකයෙක් සීමාව ඉක්මවලා තමන්ගේ රෝගියාගේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඒ අය කතා කරන එක වචනෙකින් රෝගියා පුදුමාකාර විදිහට ශක්තිමත් වෙනවා. මනෝ උපදේශකයෙක් කරන්නේ රෝගියාව තමන්ගේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් වෙන විදිහට මානසිකව ශක්තිමත් කිරීම.

හැබැයි, අපි ගොඩ දෙනෙක් කරන්නේ සීමාව ඉක්මවලා අනිත් කෙනාගේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා හිත රිදවා ගන්න එක. ඒ නිසා රෝගියාගේ සහ තමාගේ සීමාව නිතරම පැහැදිලිව වෙන් කර තබා ගන්න.

පුන්සඳනි නාගහවත්ත
කැලණිය විශ්වවිද්‍යාලය
Leave A Reply

Your email address will not be published.

6 + fourteen =