“කල්කටාව ” සිය එල්ඩරාඩෝව කරගත්,බෙංගාලි සිනමාවේ මාක්ස්වාදියා

විසිවන සියවසේ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙකු ලෙස සැලකෙන,”ම්රිනාල් සෙන්” Mrinal Sen නව සිනමා සම්ප්‍රධායක් බෙංගාලයේ ද ,අවසානයේ ඉන්දියාවේ ද ,සිය නැවුම්, අඳුරු හා ප්‍රකෝපකාරී චිත්‍රපට සමඟ ආරම්භ කළේය. “සෙන්” ඔහුගේ චිත්‍රපට සඳහා ජාතික හා ජාත්‍යන්තර සම්මාන ලබාගෙන තිබුණද, ඔහුගේ දැඩි පරමාදර්ශයන් නිසා රටේ බොහෝ බලවතුන් ඔහුට අකමැති විය.නමුත් ඔහුගේ සිනමාව,ප්‍රේක්ශකයා විසින් මහත් ආදරයකින් වැළද ගත්තේය.
1923 මැයි 14 වන දින ෆාරිද්පූර්හි, (වර්තමානයේ බංග්ලාදේශයට අයත්) උපත ලැබූ සෙන්,සිය යෞවන වියේදී කල්කටාවට සංක්‍රමනය වූවෙකි.කුඩා කල සිටම ඔහු, භෞතික විද්‍යා විශය​ ඉගන ගැනීමේ දැඩි ආසාවකින් සිටි අතර,ඔහුට චිත්‍රපට පිලිබදව එතරම්,ඇල්මක් නොතිබුනි.නමුත් ඔහු වයස අවුරුදු 9 යේදී පමන,”චාලි චැප්ලින්” රගපෑ චිත්‍රපටයක් වන “The Kid (1921)” නැරබූ පසු,එහි තිබූ හාස්‍ය​ රසය ඔහුට සිත්විය.ඉන්පසු ඔහු තුල චිත්‍රපට නැරබීමට කැමැත්තක් ඇතිවී තිබේ. නමුත්, ඔහුට චිත්‍රපට සෞන්දර්යය පිළිබඳ ලියැවුන පොතක් හමු වන තෙක්ම, චිත්‍රපට ගැන සහ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ, ඔහුගේ උනන්දුව සැබවින්ම කලක් යටපත් වී තිබුනි.

තරුණ වියට එලබුනු සෙන්, කොල්කටා නගරයෙන් පිටත වෛද්‍ය නියෝජිතයෙකු ලෙස රැකියාවක් ලබා ගත්තේය. එහෙත්, ඔහු වැඩිකල් නොගොස් එම ‍රැකියාවෙන් ඉවත්ව ගොස්, 1940 දශකයේ දී ආපසු කොල්කටා වෙත ගොස්,සිනමාව සදහා එලැබුන අතර, චිත්‍රපට සෑදීමේ තම සිහිනය ඉක්මනින් සැබෑ කර ගත්තේය.
මිරිනාල් සෙන්ගේ පළමු චිත්‍රපට දෙක වූයේ Raat Bhore (1955), Neel Akasher Neechey(1958) යන චිත්‍රපට දෙකයි. නමුත් එම චිත්‍රපට එතරම් සාර්ථක නොවීය. මෙම චිත්රපට දෙක අතුරෙන්, “Neel Akasher Neechey(1958)” චිත්රපටය, ඉන්දියාව තුල තහනමට ලක්කරනු ලැබූ චිත්රපටයකි,චිත්රපටය තුල, අන්තර්ගත වූ ගැබුරු දේශපාලන ප්රකාශයන් නිසා, ස්වාධීන ඉන්දියාවේ තහනමට ලක්වූ පලමු චිත්රපටයද මෙයයි.

Baishey Shravan

නමුත් ඉන් අධෛරියට පත් නොවූ සෙන්, ඔහුගේ තෙවන චිත්‍රපටයත් නිර්මානය කලේය,එම”Baishey Shravan”++ (1960) චිත්‍රපටය ඔහුට සුවිශේෂ වුනා.ඔහුව ජාත්‍යන්තර​​ සිතියමට ඇතුලත් කල චිත්‍රපටය එයයි.දෙවන ලෝක යුධ සංග්‍රාමය පැවති වකවානුවේ,බටහිර බෙංගාලය දරුනු සාගතයකට ගොදුරුව සිටි,අතරඑම දුශ්කර වකවානුවේ,දුප්පත් යුවලක් අහාර නොමැතිව ජීවත්වීමට කරනා අරගලය චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරුනි.විපත්තියක් හමුවේ, විදි විවිධ දුෂ්කරතා සහ මිනිස් ස්වභාවයේ අඳුරු පැත්ත,ඔවුන් හොදින්කළමනාකරනය කරගත් නිසා,එම කතාව ඔස්සේ ඔවුන්ගේ සම්බන්දතාවයේ වෙනස සිනමාපටයෙන් වාර්ථාකලේයඑය ලන්ඩන් චිත්‍රපට උළෙල නියෝජනය කල අතර, විදේශීය සිනමා උළෙලකට යවන ලද මරිනාල් සෙන්ගේ පළමු චිත්‍රපටයයි.
1969 දී සෙන්ගේ ,මීලග සිනමාපටය,”බුවාන් ෂෝම්” මුදා හරින ලද අතර, එමඟින් ඔහු ජාතික සම්මාන තුනක් දිනාගත්තේය.එය ගණන් ගත යුතු බලවේගයක් ලෙස මිනිසුන්ගේ අවධානයට ලක් විය .හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා (උත්පාල් දත්) සහ හොඳම චිත්‍රපටය සඳහා එයට සම්මාන හිමිවිය.
සමාජයේ අදුරු පැතිකඩයන් සිනමාව තුලින් පෙන්වීම නිසා,ඔහුව තව තවත් දැඩි විවේචනයට ලක්විය.”සෙන්”ඔහුගේ සමකාලීනයන් හා වටිනා සිනමාකරුවන් වන සත්‍යජිත් රායි සහ රිත්වික් හාතක් සමඟ බෙංගාලි සමාන්තර සිනමාවේ, අධ්‍යක්ශකවරු ත්‍රිත්වයේ කොටසක් ලෙස ප්‍රකටය.
සිනමාකරුවන් තිදෙනා, ඉන්දියාව, මෙතෙක් දැක ඇති හොඳම චිත්‍රපට කිහිපයක් නිපදවා ඇති අතර, ඔවුන් පිරිපුන් නිර්මාන බිහිකරමින්, එම නිර්මාන අතර තරගයක් තිබුනත්, ඔවුන් සැමවිටම හොදම මිතුරන් ද විය. අදටත්, සෙන්ගේ සහ රායිගේ දැඩි රසිකයන් විවාද කරන්නේ ඔවුන් දෙදෙනාගෙන් කාගේ චිත්‍රපට වඩා හොඳද යන්නයි. සත්යජිත් රායි, ඔහුගේ සිනමාව ඔස්සේ, බලාපොරොත්තුව, ආදරය වැනි කාරනා අවධාරණය කරන බැවින්,සෙන් තෝරා ගත්තේ අඳුරු, අවපාත,ගැඹුරු දේශපාලන හා හදිසි කතා ය.


ඔහුගේ චිත්‍රපටවල පැවති අතිශය දේශපාලන ස්වභාවය ගැන සෙන් වරක් පවසා තිබුණේ,“සිනමාව තුවක්කුවක් යැයි, ගොඩාර්ඩ් පැවසූ විට, මම ඊට එකඟ නොවෙමි.(Jean-Luc Godard French-Swiss film director)
සිනමාව යනු, අතිශය ආදර ප්‍රකාශනයකි. අවධානයට ලක්වන එක් චිත්‍රපටයක් සෑදීමෙන්, ඔබට රජයක් හෝ පද්ධතියක් පෙරළා දැමිය නොහැක. ඔබට එවැනි නිර්මානයන් දහයකින් එය කළ නොහැක. ඔබට කළ හැක්කේ,ප්‍රජාතන්ත්‍ර විරෝධී, ෆැසිස්ට්වාදී සමාජයක් ගැන සාකච්ඡා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම පමනි . ”


බොහෝ බෙංගාලි සිනමාකරුවන් මෙන්, සෙන් ද ඔහුගේ චිත්‍රපට රාශියක් කල්කටා නගරය වෙනුවෙන් කැප කළේය. ඔහු සුප්‍රසිද්ධ කල්කටා ග්‍රන්ථ ත්‍රිත්වයක් වූ , Interview (1971),  Calcutta 71 (1972), Padatik (1973)ඇසුරෙන් සිනමාපට නිපදවීය. ඒවා නගරයේ ඒකාකෘතික අංශ දෙස නොබැලූ බැවින්, නගරයේ මෙතෙක් නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස සැලකේ.‘ප්‍රීතිමත් නගරය’පීඩාවට පත් කළ දුප්පත්කම, සාගතය, විරැකියාව වැනි සැබෑ ප්‍රශ්න ගැන සිතා බැලීමට සෙන්ගේ මෙම නිර්මාන ප්‍රේක්ෂකයන්ට බල කළහ.
සැබවින්ම,සෙන්ට ඔහුගේ සිනමාකරණ ක්‍රියාවලිය කෙරෙහි, විශ්වාස කළ සහයෝගිතාකරුවෙකු සිටියේය.ඒ ඔහුගේ බිරිදයි,ඇය සිනමා නිලියක් වූ “ගීතා සෙන්” ය. ඇය සාමාන්‍යයෙන් සෙන්ගේ චිත්‍රපටවල රඟපාන අතර,බොහෝ විට ඇතැම් දර්ශන සහ තිර රචනා පිළිබඳ ඔහුට උපදෙස් ලබා දී ඇත. ඇය එකල නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය අතර ද ජනප්‍රිය කෙනෙකු විය.
සෙන්,තෙලිගු සිනමාවටත් අවතීර්න වෙමින්, තෙලිගු චිත්‍රපටද අධ්‍යක්ශනය​ කලේය,වරක් ඔහුගේ “Oka Oori Katha”, නම් තෙලිගු චිත්‍රපටයනැරඹීමෙන් පසු, තමා සෙන්ට ඊර්ෂ්‍යා කළ බව , “සත්යජිත් රායි” පිළිගත්තේය.ඒ ඔහු වඩා හොඳ චිත්‍රපට අධ්‍යක්ශකයෙකු බව ඔප්පු කරමිනි. ඔහුගේ දැඩි දේශපාලන මතවාද නිසාම, බෙංගාලයේ එවකට පැවැත්වු,විවිධ රාජ්ය උත්සව සදහාද ඔහුට කිසිදු ආරාධනාවක් නොලැබුනි.
මරිනාල් සෙන්, 1982 දී ,32 වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරි සභාවේ සාමාජිකයෙකි.
1983 දී ඔහු 13 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරි සභාවේ සාමාජිකයෙකි.
1997 දී 20 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී සෙන් ජූරි සභාවේ සාමාජිකයකු විය.
බොහෝ ජාත්‍යන්තර සිනමාඋළෙල වලදී ජයග්‍රහන ලැබූ, වාර්තා චිත්‍රපට සහ කෙටි චිත්‍රපට කිහිපයක්ද සෙන් විසින් නිර්මානය කර තිබේ. ඔහුගේ “Calcutta 71 ” චිත්‍රපටය වැනීසියේදී තිරගත කල අවස්ථාවකදී,චාලි චැප්ලින්ව, ඔහුට දැකගන්නට ලැබෙනවා,ඒ මොහොතේ ජීවිතයට එක්වරක් පමනක් ලැබෙනා සම්මානයකින් චාලි චැප්ලින් පුද ලැබුවා.
“ඔහුගේ චිත්‍රපට නැරබීමෙන් පසු,චිත්‍රපට සදහා ඇති වූ කෑමැත්ත නිසාම, මමත් මාගේ සිනමා ගමන ඇරබූ බව,මට ඔහුට කියන්න අවශ්‍ය​වුනා.”යැයි ,ම්රිනාල් සෙන් එම අවස්ථාව ගැන සිහිපත් කරමින් ප්‍රකාශකර තිබුනා.

ඔහු චාලි චැප්ලින්ට කරන උපහාරයක් ලෙස, ඔහු වෙනුවෙන්” My Chaplin”නමින් ග්‍රන්ථයක් පවා රචනා කල අතර,මහා සිනමාවෙදීයෙකු පමනක් නොව ඔහු කතුවරයෙකු ලෙසත්,බෙංගාල සහ ඉන්දීය සාහිත්‍ය​ වෙනුවෙන් විශාල සේවයක් කල අයෙකි.බෙංගාලි සහ,ඉංග්‍රීසි බසින් ඔහු පොත් ‍රැසක් රචනා කර ඇත.
Montage: Life, Politics, Cinema / Tritiyo Bhuban / The Absence Trilogy Ekdin Pratidin, Kharij, Ekdin Achanak /
Global Optimization Methods in Geophysical Inversion / Always Being Born / Bhuban Som / AMAR BHUBAN / Ami r Amar Cinema
මේ ඔහුගේ කෘතීන් කිහිපයක් පමනි.දේශපාලනය,සිනමාව,බලපෑම්,සහ ඔහුගේ නිර්මාන පිලිබදවත්,නිර්මාන සම්බන්ධව ඔහු පෙර ලියූ ලිපි එකතු කොටත් ඔහු කෘති රචනා කර තිබේ.
පද්ම භූෂාන් සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.(1981)
National Film Award for Best Feature Film-හොඳම චිත්‍රපටය සඳහා වූ ජාතික චිත්‍රපට සම්මාන 4ක්
The National Film Award for Second Best Feature Film-සම්මාන 2ක්
National Film Award for Best Feature Film in Bengali-සම්මාන 3ක්
National Film Award for Best Feature Film in Telugu සම්මානය
National Film Award – Special Mention (feature film)සම්මානය
National Film Award for Best Screenplay-සම්මාන 3ක්
National Film Award for Best Direction-සම්මාන 4ක්
Filmfare Awards-සම්මාන 4ක්
The Soviet Land Nehru Award (1979)-(සෝවියට් සංගමය හා ඉන්දියාව අතර මිත්‍ර සබඳතා පවත්වා ගැනීමේ අරමුණින් හොඳම සාහිත්‍ය කෘති සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය ලබා දුන්නේ දෘශ්‍ය කලාවන් සඳහා ය.)
The Commandeur de Ordre des Arts et des Lettres-France සම්මානය -(කලාව, සාහිත්‍යය හෝ මෙම ක්ෂේත්‍ර ප්‍රචාරණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමයි.)
දදාසාහිබ් ෆාල්කේ සම්මානය-(සත්යජිත් රායිගෙන් පසුව මෙම සම්මානය හිමිකරගත් එකම බෙංගාලි අධ්‍යක්ශවරයා වන්නේද මොහුය.)
Moscow International Film Festival – Silver Prize – Parashuram 1979
Karlovy Vary International Film Festival – Special Jury Prize 1977
Berlin International Film Festivalහිදී,
Interfilm Award-2 (1979)
Grand Jury Prize-1(1981)
Cannes Film Festival -Jury Prize 1983
Valladolid International Film Festival – Golden Spike (1983)
Chicago International Film Festival – Gold Hugo(1984)
Montreal World Film Festival – Special Prize of the Jury(1984)
Venice Film Festival – OCIC Award – Honorable Mention(1989)
Cairo International Film Festival – Silver Pyramid for Best Director(2002)
සහ ගෞරව උපාධි කිහිපයක් ඇතුලුව සම්මාන ‍රැසක් සෙන් විසින් දිනාගෙන ඇත. ඔස්කාර් ඇකඩමියටද සාමාජිකයෙකු ලෙස ඔහුව ඇතුළත් කරන ලදී.
තම ජීවිතයෙන් වසර 60 ක පමන කාලයක් සිනමාව වෙනුවෙන් කැපකල, සෙන් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට 30 කට ආසන්න ප්‍රමාණයක් නිර්මානය කළේය. 1998 සිට 2003 දක්වා කාලය තුළ ඔහු ඉන්දියානු පාර්ලිමේන්තුවේ, ගෞරවනීය සාමාජිකයෙකු ලෙස රාජ්‍ය සභාවේදී පත් කරන ලද අතර, ඔහු කල්කටාවට සහ බෙංගාලි සිනමාවට බොහෝ ආදරය කල මිනිසෙකි. ඔහුට කල්කටාවෙන් තොර ජීවිතයක් නොතිබුනි. සිය ජීවිතයේ නැගිටීම්, බිද වැටීම්, ශක්තිමත් වීම්, ජීවිතය දිනා ගැනීම් වලට ඔහුට ජීවය දුන් ඒ භූමියට ඔහු සැමදාම ගෞරවය කලා. ඔහු සැමවිටම පැවසුවේ කල්කටාව යනු මාගේ “එල්ඩරාඩෝව”(රන් නගරය) යනුවෙනි.

මරිනාල් සෙන් නම් දැවැන්ත බෙංගාල සිනමාකරුවා, 2018 දෙසැම්බර් 30 වන දින වයස අවුරුදු 95 දී අභාවප්‍රාප්ත විය. එහෙත්, ඔහුගේ ප්‍රභල, නොසන්සුන් හඩ ඔහුගේ චිත්‍රපට තුළින් සදහටම ඇසෙනු ඇත.2002 වසරේදී, ඔහුගේ අවසන් චිත්‍රපටය වන “අමර් බුවන්” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර, සෙන් සිය 60 වසරක චිත්‍රපට නිර්මාන ක්‍රියාවලිය ගැන කතා කරන විට, ඔහු පවසා ඇත්තේ,
“මම චිත්‍රපටයක් කළ පසු එය කඩා වැටෙනවා වගේ දැනෙනවා, නමුත් මම නැවත අවදි වෙනවා”යනුවෙනි…
*එල්ඩරාඩෝ EL-DORADO යනු,අමරිකාවේ වැසි වනාන්තර සග කදුකර ප්‍රදේශයේ නැතිවූ “රන් නගරය”කි,නමුත් එවැනි නගරක් සෙවූවන්ට එය නිශ්ඵල උත්සහයක් විය, පසුකාලීනව ගවේශන වලින්, එවැනි නගරක් ගැන සිහිනය මිත්‍යාවක් පමනක් වූ අතර,ගවේශකයින්ට සොයාගත හැකිවූයේ එය නගරක් නොව,එල්ඩරාඩෝ යනු රනින් සැරසී සිටි පුද්ගලයෙකු බවයි.තවත් මෙයට සම්බන්ධ,එකිනෙකට වෙනස් වූ බොහෝ කතාන්දර ජනාප්‍රවාදයේ ඇත.
– මදුශී දිලංකා ජයසුන්දර

starring Shabana Azmi, Shriram Lagoo …

Sangbad Pratidin
Filmmaker Mrinal Sen remembered on his 96th birth anniversary

Leave A Reply

Your email address will not be published.

three × 4 =