ලක්ෂ 06ක් ලංකාවෙන් පිටවෙන්න ඉල්ලති !

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාවක් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු වෙනත් රටවලට ඇතුළු වීමට විසා ඉල්ලු‍ම් කර ඇතැයි තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙරට තිබෙන තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල වෙත මෙලෙස ඉල්ලු‍ම් පත් ඉදිරිපත් කළ පිරිසෙන් බහුතරය ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන් වන අතර, ඔවුන් සිය අයැදුම් පත්වල තමන් සිංහල බෞද්ධ බව ද සඳහන් කර ඇතැයි තොරතුරු වාර්තා වේ. වීසා ඉල්ලු‍ම් පත් අතුරින් උසස් අධ්‍යාපනය ලැබීමට යන පිරිසක් ද සිටින අතර, එය සුළු කොටසක් බව ද එම ආරංචිමාර්ග තහවුරු කරයි.
බහුතරයක් විවිධ හේතු ඉදිරිපත් කරමින් විසා අයැදුම් කර ඇති බවට ද තානාපති කාර්යාල නිලධාරියෙක් සදහන් කළේ ය. මෙලෙස විසා අයැදුම් කිරීමට විශේෂ හේතුවක් ඇති දැයි කීමට ඔවුන් නොදන්නා බව ද එම නිලධාරියා අප කළ විමසීමේ දී ප්‍රකාශ කළේ ය.
යුරෝපා රටවල්, කැනඩාව හා ඔස්ට්‍රේලියාව වැනි රටවලට මෙලෙස වීසා අයැදුම් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිව තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ද හෙළිදරවු කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

3 × two =