ඔන්ලයින් ඉගැන්වීම් නතර කර දින 5 යි, අදත් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 14 කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16) පස්වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයේදී නිරෝධායන නීති කඩකල බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු, පොලීසිය විසින් නිරෝධායනයට යැයි කියමින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට යොමුකළේය.

එලෙස නිරෝධානයට යැයි කියමින් යොමුකළ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිස තවමත් එම මධ්‍යස්ථානවල රඳවා සිටියි.

මේ අතරම, මෙම ගැටලුව සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සංවිධාන කෙරුණු උද්ඝෝෂනයක් අද(16) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් විනි.මෙයට සමගාමිව, පොළොන්නරුව, නුවරඑළිය, කුරුණෑගල, ගාල්ල යන දිස්ත්‍රික්කවල ද විරෝධතා අද පැවැවෙන බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

Leave A Reply

Your email address will not be published.

three + 9 =