උද්ඝෝෂණ තහනම් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදී !

ප්‍රධාන නගර කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණයෙන් වාරණ නියෝග නිකුත් කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් දරන ලද උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔවුන් නිරෝධායන නීති, කොවිඩ් 19 වෛරසය පැතිරීම පිළිබඳ සංඛ්‍යාලේඛන ඇතුළු තොරතුරු රැසක් ඉදිරිපත් කරමින් මේ ඉල්ලීම සාධාරණීයකරණය කිරීමට උත්සාහ දරා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ. කෙසේ වෙතත්, එම නිලධාරීන්ගෙන් අතිශය සුළුතරයක් හැර අනෙකුත් සියලු දෙනාම මේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.
ඔවුන් අදාළ පොලිස් නිලධාරීන්ට අවධාරණය කර ඇත්තේ, එවැන්නක් සිදු කළහොත්, අධිකරණය සම්බන්ධයෙන් වන ජනතා විශ්වාසය බරපතළ ලෙස පළුදු වනු ඇති බවයි. එම නිසා මේ සඳහා අධිකරණය මැදිහත් වීම නොකළ යුතු බව පෙන්වා දී ඇති අදාළ නිලධාරීන්, පොලිසියට එම උද්ඝෝෂණවල දී තමන්ට ඇති නෛතික බලය යොදාගෙන මැදිහත් විය හැකි බවත්, ඊට කිසිදු බාධාවක් නැති බවත් සඳහන් කර ඇතැයි ද
වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

three × 2 =