අසාර්ථක පාලකයන් දැන්වත් ගෙදර යැවිය යුතුයි – කඳුකර රැළියේදී අනුර කියයි

කඳුකර සහෝදරත්ව ව්‍යාපාරය මගින් සංවිධානය කළ ජනහමුවක් ඊයේ (22) හැටන් මධ්‍යම බස්නැවතුම්පොළේදී පැවැත්විණි. ඒ ජතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ඇතුළු සංවිධාන රැසක නායකයන්ගේ සහභාගීත්වයෙනි.

කඳුකරයේ දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් මෙන්ම වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් විශාල ජනතා සහභාගීත්වයක් සහිතව පැවති මේ ජන රැළියේදී වසර 71ක් පුරාවට පැවති බෙදීමේ දේශපාලනය දැන්වත් නතර කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කළේය.

රට ඉදිරියට ගෙන යා හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමඟිය ඇති වුවහොත් පමණක් බවත් දිසානායක මහතා සඳහන් කළේය. ඒ අනුව රටේ සමඟිය ඇති කර ආරක්ෂාවේ කුළුණු ඔසවා තබන බවට සහතිකයක් දෙන බවත් ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.

6 − 5 =