කොවිඩ් ආසාදිත තවත් මරණ 50 ක් ඊයේ (14) දිනයේ

මෙරට කොවිඩ් ආසාදිතවූ තවත් 50 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

මෙම මරණ 50 ත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 38 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වෙති.

Leave A Reply

Your email address will not be published.

five − two =