ආණ්ඩුව නාවලපිටිය මන්ත්‍රීවරු දෙකක් මුදලට අරගෙන?

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුකර ගැනීමට කටයුතු කළ අතර එහිදී තීරණාත්මක ඡන්ද වන එජාප (අද සමගි ජන බලවේගය) නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිවිය.

නාවලපිටිය නගර සභාව එජාප (වර්තමානයේ සමගි ජන බලවේගය) නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 07ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 01 මන්ත්‍රීවරයෙක්, ස්වාධින 01 මන්ත්‍රීවරයෙකු (ඔහු මනෝ ගනේෂන් නියෝජනය කරන) සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 01 මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.
මෙහිදී එජාප (වර්තමානයේ සමගි ජන බලවේගය) මන්ත්‍රීවරුන් දෙදෙනෙක් නිලවරණයට නොපැමිණීම කලින් සිට ආණ්ඩුව සැලසුම් කර සිදුකළ දෙයක් බවත් ඔවුන් දෙදෙනා මුදලට ලබාගෙන ඇති බවද සමගි ජන බලවේගයේ අනෙක් මන්ත්‍රීවරුන් පවසයි.
ඔවුන් පවසන්නේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පක්‍ෂයෙන් පහකළ යිතු බවයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් අස්රබ් අලි ඡන්දය දීමෙන් වැලකි සිටියේය.

මේ අතර මෙතෙක් පාලක පක්ෂයට(එජාප , වර්තමානයේ සමගි ජන බලවේගය) සහයෝගය දැක්වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර 5ට7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සභාපතිවරයා වශයෙන් තේරීපත්විය.

මුලින් පාලන බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර සභාපති ලෙස සසංක සම්පත් සංජීව තේරී පත්විය. පසුව සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමෙන් පසු ඔහු එහි සාමාජිකත්වය ලබා ගැනීම නිසා සභාපති තනතුර සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කළේය.

Leave A Reply

Your email address will not be published.

ten + 6 =