ඔව්….අපි කාලකන්නි….

මම
2018 ලංකාවේ හොඳම ගුරුවරයා සම්මානය
2019 අවංකකම රාජ්‍ය සේවකයා දසදෙනා නියෝජනය
2021ආසියාවේ හොඳම ගුරුවරයා සම්මානය
ලබාගත් පුද්ගලයා .
ඔව් අපි කාලකන්නි ……
මහත්තයො , ඔහේලට වගේ සැපපහසු ලැම්බෝගිනි, BMW, වාහන නෑ තමයි ..
හොදට බලාගනිල්ලා..
මේ ආසියාවේ හොඳම ගුරුවරයාගෙ සුපිරි වාහනය .
ඔහේලට වගේ සැපපහසු මාලිගා නෑ තමයි .
හොදට බලාගනිල්ලා..
ආ….2018 ඉදලා සම්මානය එක්ක දෙනවා කියලා පොරොන්දු වෙච්ච ගෙදර ඉදලා ඇති වෙලා.ඒ තරමට සැප .
මේ තියෙන්නේ ආසියාවේ හොඳම ගුරුවරයාගෙ ගෙදර.
ඔහේලගෙන් දරුවන්ට වගේ පිටරටවල්වල ගිහින් ඉගෙන ගන්න ,ජීවත් වෙන්න අපේ දරුවන්ට පහසුකම් නෑ තමයි..
හොදට බලාගනිල්ලා..
මේ තියෙන්නේ ආසියාවේ හොඳම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ලමයි ඉගෙන ගන්න විදිය..
ඔයාලට බැල මෙහෙවරකම් කරන , මුට්ටි අල්ලන ,කත් අදින අනිත් අයට වගේ උගන්නන්න අපිට පහසුකම්, හොද සුපිරි ඉස්කෝල , නෑ තමයි
හොදට බලාගනිල්ලා..
මේ ආසියාවේ හොඳම ගුරුවරයා ලමයිට උගන්වන විදිය..
මං විතරක් නෙවෙයි මේ වගේ ගුරුවරු දස දහස් ගණන් ලංකාවේ ඉන්නවා .
මේක තමයි මේ රටේ තත්ත්වය …
ඔහෙලා අපිට කාලකන්නි කියන්න, මොනවාද අපිට දීලා තියෙන්නේ ,තියෙන දේවලුත් අරගෙන තියෙද්දී?
සංචරණ සීමා දාපු දවසේ ඉදලා ගුරුවරුගේ උවමනවටයි,තියෙන සොච්චමෙනුයි තමයි ඔන්ලයින් පුලුවන් විදියට ඉගැන්නුවේ…
ඒ වෙනකොටත් ඔහෙලට අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම ක්‍රමවේදයක් සකස් කරගන්න කරගන්න බැරි වෙලා තිබුනේ .තවමත් එහෙමයි …
ඔහෙලා වගේ අපිත් හොරකම් කරානම් ,දූෂණ කරානම් ,වංචා කරානම් , මංකොල්ල කෑවා නං , අපිත් මහත්තයෝ මෙහෙම නෙවෙයි ඉන්නෙ ..
ඔව් ඒ අතින් ඔබතුමාලා කියන දේ සාධාරණයි, සහතික ඇත්ත. එහෙම බලද්දී අපි කාලකන්නි තමයි .ඔහේලට ඔය තැනට ගෙනාපු සාමාන්‍ය මිනිස්සු ජනතාව කාලකන්නි තමයි .
අපේ රටේ අධ්‍යාපනයට සහ ගුරුවරයාට සලකන ආකාරය ඉතාමත් නින්දිතයි. ජුගුප්සාජනකයි…
ගුරුවරයාට සහ අධ්‍යාපනයට නිසි ගෞරවය නිසි තැන ලබා නොදෙන රටක් රටක් එක්ක අනාගතය කෙබඳුද යන්න ප්‍රශ්නයක් .
පුලුවන්නම් ඔය මහත්තුරු නිකමට වගෙ කල්පිටියේ අපි වැඩ කරන ඉස්කෝලේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ල යන්න එන්න …..
– අසිත් මුතුකුමාරණ (fb)

Leave A Reply

Your email address will not be published.

10 − 2 =