ඇයි ගුරුවරු කියන්නෙ විරුවො නෙවෙයිද ?

රණවිරුවො….!
රටවිරුවො……!
සුවවිරුවො….!
නරකද මෙහෙමත් කිව්වොත්
“ගුරුවිරුවො….! ”
ඇයි ගුරුවරු කියන්නෙ විරුවො නෙවෙයිද ?
සමහරු කියනව ගුරුවරුන්ට තරම් නිවාඩු ලැබෙන තවත් වෘත්තියක් නැහැලු.
දවල් එකහමාර වෙන කොට ගෙදරලු.
අවුරුද්දට මාස තුනක්ම වාර නිවාඩු ලු.
ඒ අතර ටියුෂන් වලින් හොයනවලු.
ඒ නිසා ඔය පඩිය ගැන කෙරෙන ඉල්ලීම් අසාධාරණලු.!
ගොන් කතා…!
ගුරු වෘත්තිය කියන්නෙ ගෞරවනීය උතුම් සේවයක්.
දෙමව්පියන් ඇරුණම දරුවකුට වඩාත්ම කිට්ටුවන්තයා තමයි ගුරුවරයා.
දරුවන්ට අනාගතය හදල දෙන්නෙ ඔවුන්.
ඒ හින්ද ගුරුසේවය මිළ කළ නොහැකියි.
දවල් එකහමාරට ගෙදර ගියත් ගෙදරදිත් කරන්න ඉස්කෝල වැඩ කොච්චර තියෙනවද?
මේ කොහොම වැඩ කළත් ගුරුවරු ලබන්නෙ සොච්චම් වැටුපක්.
පුහුණු ගුරුවරු හා උපාධිධාරී ගුරුවරු අතර තියෙන්නෙත් පොඩි වැටුප් පරතරයක්.
ගුරුවරයෙකුගෙ වාර්ෂික වැටුප් වැඩිවීම රුපියල් 250/= ක් තරම් සොච්චමක් බව දන්නේ කී දෙනෙක්ද?
අවුරුදු 20 ක සේවයක් ඇති ගුරුවරයෙක් ලබන්නෙ රු.40,000/= ක් විතර වැටුපක්.
ළඟදි හෙදියන්ට දෙන්න පොරොන්දු වූ වැටුප් වර්ධකය අනුව ඔවුන්ගෙ වැටුප විදුහල්පතිවරයකුගෙ වැටුප් තලයට සමාන වෙනවා වෙනත් දීමනා නැතිව.
ගුරුවරුන්ට හවස් වෙනකල් ඉස්කෝලෙ නැවතිලා භාහිර දේ කළත් අතිකාල දීමනාවක් නැහැ.
කොවිඩ් වසංගතය ඇරඹුනාම දරුවන්ට ඔන්ලයින් උගන්නන්නෙ ඔවුන්ගෙ අතින් ඩේට වලට වියදම් කරමින්. මේ සඳහා ජංගම දුරකථන නැති දරුවන්ට ඒවා මිළට ගෙන ලබා දුන් ගුරුවරුත් අනන්ත ඉන්නවා.
ගුරුගෙදර නම් රූපවාහිනි ඉගැන්වීම් වලට එන ගුරුවරුන්ට වෙන්කළ මුදලුත් නොගෙවන අපථයෝ ඉන්නවා.
ඒ අතර ඔන්ලයින් උගන්නන්න එක ගුරුවරයෙක් ඇති කියන වර්ජනය කරන ගුරුවරු කාලකණ්නින් යයි කියන ඇමතිවරුත් ගුරුවරු ගැන ඇස් ඇරලවත් නොබලන අධ්‍යාපන ඇමතිවරුත් ඉන්න රටක ගුරුවිරුවො ගැන කවර කතාද?
චිත්‍රය සහ සටහන -රන්ජන් පරණවිතාන (fb)

Leave A Reply

Your email address will not be published.

eighteen − 15 =