“විරොධතාකරුවන් නිරෝධායනයට යැවීමට නිර්දේශ ලබාදෙන්න අපි සූදානම් නෑ”

- උපුල් රෝහණ

විරොධතාවයන්ට සම්බන්ධ වන පිරිස් නිරෝධායනයට යැවීම සඳහා නිර්දේශ ලබා දීමට මහජන පරීක්ෂකවරුන් සූදානම් නැතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

කොතලාවල පනතට එරෙහි විරෝධතාකරුවන් නිරොධායනය සඳහා යොමු කරනු ලැබූවේ පී.එච්.අයි නිර්දේශ මත යැයි පොලීසිය බාර ඇමති සරත් වීරසේකර සහ කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ඇමතිවරයා පැවසූ අතර එවැනි නිරේදේශ ලබා දී තිබේ නම් ප්‍රසිද්ධ කරන ලෙසට විවිධ පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට විරෝධය එල්ල විය.

එවැනි තත්වයක් හමුවේ ඊයේ (13) දින විශේෂ ප්‍රකාශයක් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට නිර්දේශ දෙන්න තමුන් සූදානම් නැති බවත් නිරෝධායන ආඥා පනත යටතේ ඇති ප්‍රධාන කණ්ඩායම් තුන සඳහා පමණක් නිරෝධායනය කිරීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙන බවත්ය.

පසුගිය දිනවල පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකකට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ නිකුත් නොකළ බවත්
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත්තේ කොම්පඤ්ඤවීදිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් වන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සම්බන්ධයක් නොමැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

 

Leave A Reply

Your email address will not be published.

1 − 1 =