‘කාලකණ්නි’ කණ්ඩායමක් විසින් අද ගුරුවරුන්ව මෙහෙයවනව – කෙහෙළිය

රට තුළ පවතින තත්වය හමුවේ මෙවැනි අවස්ථාවක සේවයෙන් ඉවත්වීම සඳහා ගුරුවරුන්ව මෙහෙයවනේ ‘කාලකණ්නි’ කණ්ඩායමක් බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මාර්ගගත ඉගැන්වීම් වලින් ගුරුවරුන් ඉවත් වීම සහ එසේ ඉවත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමතිවරයා මෙම අදහස් පළකළේය,

‘කාලකණ්නි’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලන නමුත් රට පත්ව ඇති තත්වය නොසලකා මෙවැනි ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් හට එසේ ආමන්ත්‍රණය කිරීමට සිදුවන බවද පවසයි.

කෙහෙළිය ඇමතිවරයා පවසන්නේ කොතලාවල පනතට එරෙහි විරෝධතා සියල්ල සිදුවන්නේ නිරෝධායන නීතිරීතීන් උල්ලංඝණය කරමින් බවයි. මෙම අය කළ යුතුව තිබුණේ කොතලාවල පනතට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යාම බවද පවසයි.

Leave A Reply

Your email address will not be published.

16 − 12 =