15 හැවිරිදි දැරිය දූෂණය කළ අයගේ නම් යැයි පළවන ලැයිස්තුව බොරු එකක්

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට හෙළිවෙමින් යන කරුණු වලට අමතරව විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන දිගු නම් ලැයිස්තු අසත්‍ය ලැයිස්තුවක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් ඇතුලත්ව හුවමාරුවන මෙම ලැයිස්තුවට කිසිදු පදනමක් නොමැති බවත් එම අසත්‍ය ලේඛණයට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) දිනයේ පැමිණිල්ලක් ද යොමු කර තිබේ.
කෙසේ වෙතත් මෙම අසත්‍ය පුවත් පළ කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේද යන්න පිලිබඳ සඳහනක් නැත.

Leave A Reply

Your email address will not be published.

thirteen − eleven =