“දේශපාලකයන්ට අවනත පොලියියක්, CID යක්, නීති පද්ධතියක් ඇති නිසා සත්‍ය හොයන එක ප්‍රශ්නයක්”

ලෝකයම කම්පා කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩින් පල්ලෙන් කර කිහිප දෙනෙකු අධිකරණය හමුවට කැඳවා සිද්ධිය අවසාන යැයි පවසා එය කාපට් එක යට සැඟවීමට උත්සහ නොකරන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ රජයට අවධාරණය කළහ.

මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මේ අදහස් පළකළේ අද (13) කොළඹ අගරදගුරු නිල නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනවල ප්‍රගතිය ගැන තවදුරටත් සෑහීමකට පත්විය නොහැකි අතර එහි වත්මන් තත්ත්වය ගැන මෙන්ම එහි පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක් අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බව අගරදගුරු හිමියන් පැවසුහ.

මෙහිදී අදහස් දැක්වූ කාදිනල් හිමියන්,
”මේ ප්‍රහාරය පිටුපස සැඟවුණු අභිරහස්‍යමය තැන් කිහිහිපයක් තිබෙනවා. ඒවා මොනවද කියල හරිහැටි පරීක්ෂණ කරලා බලන්න ඕනේ. ඒ සඳහා දැනට දේශපාලන නායකත්වයට ඕන විදිහට ක්‍රියාකරන පොලීසියක් ඒවගේම දේශපාලන අධිකාරියේ තෝරාගැනීමකට අනුව කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඒ වගේම දේශපාලන නායකයෝ ඇගිලි ගසා පාලනය කරන නීති පද්ධතියක් එක්ක මේ සිද්ධියේදී ඇත්තටම සිද්ධ වුණේ කුමක්ද යන්න සොයා ගැනීම ප්‍රශ්නාර්ථයක් විය හැකියි.” යනුවෙන් කාදිනල් හිමියන් ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයා ගැනීමේ අරගලය මෙතෙකින් නිමා නොකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Leave A Reply

Your email address will not be published.

13 − 11 =