පොහොර හිඟය මැද කොම්පෝස්ට් මිල උස්සයි

පොහොර හිඟය උග්‍රව පවතින මේ මොහොතේ ඌව පරණගම ප්‍රාදේශීය සභාව මගින් නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොර කිලෝවක මිල රුපියල් 6.00 සිට රුපියල් 10.00 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමින්ද සුදර්ශන ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු පොදුජන පෙරමුණේ, ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රීවරු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිට ඇති අතර, කොම්පෝස්ට් මිල ඉහළ දැමීමට එරෙහිව ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත●

ධනුෂ්ක ලිහිණියාගම –  ඌව පරණගම

 

 

Leave A Reply

Your email address will not be published.

1 + 2 =