දුමින්ද – මහින්ද හමුවක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිට ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අතර හමුවක් අද (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු වී තිබේ.
ඒ අනුව ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා  නිල වශයෙන් තම පක්ෂයේ නායකයා හමුවූ පළමු අවස්ථාවද මෙය වේ.
මරණ දඩුවම හිමිවී සිරගතවීමට පෙර එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළොන්නාව ආසනයෙන් තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ලදි. කෙසේ වෙතත් වෙඩිතැබීමේ සිදුවීමට අදාළ නඩු විභාගය පැවැත්වූ කාලය තුළදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුට නාමයෝජනා ලබා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

8 + sixteen =