වසර 53 කට පසු යුරෝ කුසලානය ඉතාලියට

ලෝකයම වසංගතයෙන් මුළු ලෝකයම තැතිගනිමින් තිබෙන මොහොතක ලෝක පාපන්දු ශූරතාවලියට තරම්ම ජනප්‍රිය යුරෝ කුසලාන තරඟාවලිය පාපන්දු තරඟාවලි එංගලන්තයේ සිහින බිඳ දමමින් ප්‍රබල ඉතාලි කණ්ඩායම ජයගත්තේ වසර 53 පසුවය.
මෙවර යුරෝ අවසාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් වන්නේ ප්‍රබල ජර්මානු කණ්ඩායමට පරාජයක් අත්කර දෙමිනි.

එංගලන්ත කණ්ඩායම පිළිබඳව එරට වැසියන් දැඩි විශ්වාසයක් තබා සිටි අතර පාපන්දු තරඟාවලිය ආරම්භයටත් පෙර සිටම එංගලන්ත පාපන්දු ලෝලීන් උද්වේගකාරීව හැසිරෙනු දැකගන්නට ලැබිණි.

මේ අතර සමහර පිරිස් ආරක්ෂක නිලධාරීන් සමඟ ගැටුම් පවා ඇතිකරගෙන ඉක්මණින් ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කළේය.
මේ වන විට ‍ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමිහි සිවුවැනි ස්ථානයේ පසුවන එංගලන්තය, යූරෝ පාපන්දු තරගාවලියක අවසන් මහා තරගකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වෙයි. අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවූ එංගලන්තය යූරෝ පාපන්දු තරගාවලින්හිදී දක්වා තිබූ ඉහළම දක්ෂතාව මෙය වෙයි. 1968 සහ 1996 වසරවලදී එංගලන්තය තෙවැනි ස්ථානයන්ට පත්වී තිබේ.

ප්‍රබල ඉතාලිය යූරෝ පාපන්දු ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් වසර 53 කට පෙර එනම් 1968 වසරේදීද ඔවුන් එම ශූරතාවට හිමිකම් කියා තිබිණ. 2000 සහ 2012 වසරවලදී පැවැති යූරො පාපන්දු තරගාවලීන්හි අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබාගැනීමටද ඉතාලිය සමත් වූ නමුත් එහිදී ඔවුන් පිළිවෙලින් ප්‍රංශය සහ ස්පාඤ්ඤය හමුවේ පරාජයට පත්විය.
එංගලන්තයේ දඬුවම් පහර 3 ක් වලකාලමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා‍ගෙන ගිය ඉතාලි දැල රකින ක්‍රීඩක ජියන්ලුගි ඩොනරුමා තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ජියන්ලුගි ඩොනරුමා

Leave A Reply

Your email address will not be published.

ten + 4 =