Rakuten Viber,  Snap සමඟ අත්වැල් බැඳ ගනී

Rakuten  Viber සහ Snap අතර ඇති සම්බන්ධතාව තුළින් AR කාච Viber වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප ඔබ වෙත ගෙන එනු ඇත. සන්නාමගත වයිබර් කාච සහිත පළමු අය අතර WWF,  FC බාර්සිලෝනා සහ WHO වේ.

සන්නිවේදන වේදිකා හරහා පණිවිඩ යැවීමේ සහ හඬ (voice) පදනම් කර ගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයකු වන Rakuten Viber, Snap Incorporation සමඟ හවුල්කාරිත්වය තුළින් වර්තමාන යථාර්ථ (AR) කාච මැජික් සිය යෙදුමට ගෙන එනු ඇත. කැමරා කට්ටලය, නිර්මාණාත්මක කට්ටලය සහ බිට්මෝජි (Bitmoji) ඇතුළු Snap හි සංවර්ධක මෙවලම් භාවිත කරමින්, Viber යෙදුම මඟින් AR කාච එකට එකතු කිරීම, Snapchat වෙත බෙදා ගැනීම, සක්‍රිය කිරීම සහ Viber වෙත අභිරුචිකරණය කළ හැකි Bitmoji මුහුර්ති ගෙන එනු ඇත.

Snap මඟින් බලගැන්වෙන Viber කාච පළමු වරට AR – සක්‍රිය වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප Viber භාවිත කරන්නන්ට ලබා දෙනු ඇත. මෙම එළිදැක්වීමට නව Viber කාච 30ක් ඇතුළත් වන අතර, සත්ව වෙස් මුහුණු සහ Viber අක්ෂර, දිය යට කාච, උපහාසාත්මක පූසන්ගේ අන්තර්ක්‍රියා සහ තවත් දේ එක්ව ඇත. මසකට අතිරේක කාච 50-70ක් අතර ප්‍රමාණයක් එක් කරමින්, 2021 වසර අවසානය වන විට අවම වශයෙන් කාච 300ක්වත් එක් කිරීමට සමාගම සැලැසුම් කර ඇත. ව්‍යාපාරවලට Viber මත ඔවුන්ගේම

සුවිශේෂී කාච නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. ලෝක වනජීවී අරමුදල, FC බාර්සිලෝනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පණිවුඩකරණ යෙදුමට නව කාච ලබා දුන් පළමු Viber හවුල්කරුවන් අතර වේ. අභිරුචිකරණය කරන ලද කාච Viber වේදිකාව භාවිත කරන්නන් සහ ඔවුන් ආදරය කරන වෙළෙඳ නාම අතර සබඳතාව වැඩි කරයි●

Leave A Reply

Your email address will not be published.

14 − six =