දිස්ත්‍රික්ක කීපයක තවත් ගම් රැසක් හුදකලා කරයි

මේ වන විටත් පවතින කොරෝනා තත්වය හේතුවෙන් අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ,සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, විහාර පටුමඟ , විහාර මාවත, කප්පර පල්ලිය පාර

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ,පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස

සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ,නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක්, කෝවිල් වත්ත කොටස

යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ, වඩමාරච්චි උතුර මෙසේ හුදකලා කර ඇත

Leave A Reply

Your email address will not be published.

8 − 4 =