“ආණ්ඩුව බුරුවන්ට දුන්නම පොලිසිය බල්ලට යනවා ඒක වලක්වන්න බෑ “

- ලාල්කාන්ත

පසුගිය 9 වෙනිදා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුවඇතුළු පිරිස පී.සී.ආර් පරීක්‍ෂණයකට ලක්කර නිදහස් නොකළහොත් ඉදිරියේදී මෙරට වෘත්තීය සමිති ඒකාබද්ධව මහා වැඩවර්ජනයකට එළඹෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී ලාල්කාන්ත ඊයේ (11) මාධ්‍ය හමුවකදී පැවසීය.

අනීතිකව බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් හෙට (12) දිනයේදී පී.සී.ආර් පරීක්‍ෂණයන්ට ලක්කර අනිද්දා (13) දිනයේදී නිදහස් කරන්නැයි තමන් රජයට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව නිරෝධායන නීතියට මුවාවී වෘත්තීය සමිති නායකයින් මර්දනය කරන බවත්, එය නිරෝධායනයට ගාල් කිරීමක් නොව රැඳවුම් කඳවුරකට ගාල්කිරීමක් බවත් ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

නිරෝධායන කඳවුරකට යමෙකු යොමු කිරීමට නම් පී.සී.ආර් පරීක්‍ෂණයක් සිදුකර ඔහු රෝගියෙක් වී තිබිය යුතුයැයි කී ලාල්කාන්ත මහතා ජෝශප් ස්ටාලින් හෝ දුමින්ද නාගමුව ඇතුළු පිරිස එසේ පී.සී.ආර් පරීක්‍ෂණවලට මෙතෙක් යොමු කර නැතැයි ද ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්තා ,
“දැන් ජනතාව කියමින් ඉන්නේ පොලිසිය බල්ලට ගිහිල්ලා කියලා ආණ්ඩුව බුරුවන්ට දුන්නම පොලිසිය බල්ලට යනවා ඒක වලක්වන්න බෑ ඒක තමයි දැන් ඇති වෙලා තියෙන තත්වය.
යුක්තිය සාධාරණය ඉල්ලා අරගල කළ මිනිස්සුන්ව රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා සකස් කරලා තියෙන වැඩසටහනක්. එහෙම කරන්න කිසිම නීතියක් නෑ. මේ වෙනකොට මේ සහෝදරවරුන්ට ලෙඩක් හැදිලා තියෙනවා නම් ඒකටත් වගකියන්න ඕනෑ මේ ආණ්ඩුව.
එහෙම නූනොත් මේ රාජපක්ෂ කල්ලියේ මර්දනයට එරෙහිව මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාර මහා වැඩවර්ජනයකට නුදුරේදිම යනවා. මම මේකට ආණ්ඩුවක් කියන්න කැමති නෑ මොකද, මේක ආණ්ඩුවක් නෙමෙයි කල්ලියක්,
අපි මෙහෙම ගනුදෙනුව බේරගන්න අපි ලෑස්තියි මේ පිරිස වහාම එළියට දාන්න ඕනේ පීසීආර් පරීක්ෂණයක් කරල නිරෝධායන කඳවුරකට ගෙනියන්න රෝගීන් හැබැයි මේ අය රෝගීන් කියලා අඳුර ගත්තද.”

Leave A Reply

Your email address will not be published.

20 − 4 =