Child Fund Sri Lanka වෙතින් COVID-19 හදිසි සහන

COVID-19 වසංගත තත්ත්වයෙන් අත්මිදීමේ ගමන දිගු හා ඉතා වෙහෙසකර වූ එකක් මෙන්ම අන් කවරදාකටත් වඩා ඉන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ජනතාවට සහාය අවශ්‍ය බැවින් COVID-19 වසංගතය හේතුවෙන් පැනනඟින

සහන අවශ්‍යතා සඳහාත්, රටේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහාත් සහාය දක්වමින් පාර්ශ්වකරුවන් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස Child Fund Sri Lanka සංවිධානය මහජනතාවට ආරාධනා කරයි. ඒ වෙනුවෙන් Child Fund Sri Lanka සංවිධානය විසින් සියලු පරිත්‍යාග එකතු කිරීම සඳහා ‘Sri Lanka Gives Back’ සුවිශේෂී අරමුදල් රැස්කිරීමේ වැඩසටහන මෑතක දී ආරම්භ කරනු ලැබිණි.

පොරොන්දු පරිදි ලබාදෙන මුදල් හෝ වෛද්‍ය උපකරණ වශයෙන් ලැබෙන සෑම පරිත්‍යාගයක් සඳහා ම Child Fund Sri Lanka සංවිධානය ඒ හා සමාන මුදල් වටිනාකමක් පරිත්‍යාග කිරීමට හෝ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කරනු ඇත.

Child Fund Sri Lanka සංවිධානය මෙම ගමන සඳහා මහජනතාවට සහ වෙනත් සංවිධානවලට හෝ පුද්ගලයන්ට ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරන අතර, විශේෂයෙන් අතිශය භයානක තුන්වන COVID-19 රැල්ලේ බලපෑමෙන් ළමයින් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීමේ වටිනා අරමුණ සඳහා දායක වන ලෙස ආරාධනා කරයි.

ඒ වෙනුවෙන් COVID-19 සඳහා පිළියම් යෙදීමේ වැඩපිළිවෙළ මත පදනම්ව, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් වූවන්ට ජීවන මාර්ගයක් සලසා දීමේ ක්‍රියාවලියක් ඉදිරි මාස හතරක කාලය තුළ Child Fund Sri Lanka සංවිධානය ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර තිබේ. ‘Sri Lanka Gives Back’ යන අරමුදල් සම්පාදන වැඩසටහන යටතේ එකතු කරන අරමුදල් මෙම ප්‍රජාවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනේ.

මෙම දායකත්වය හරහා ළමුන් සහ ඔවුන්ගේ පවුල් 2,00,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වීම Child Fund Sri Lanka සංවිධානයේ අරමුණ වී තිබේ. Child Fund දිස්ත්‍රික්ක 11ක ග්‍රාම නිලධාරී කොට්ඨාස 226ක් මෙයට ඇතුළත් ය. Child Fund Sri Lanka – COVID-19 හදිසි සහන හරහා 5,00,000කට අධික පිරිසකට දේශීය වශයෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත●

Leave A Reply

Your email address will not be published.

18 − eleven =