කොතලාවල පනතට එරෙහිව නිරෝධායනයේ සිට විරෝධතාවක් සහ මාධ්‍ය හමුවක්

මෙරට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්, මිලිටරිකරණයට ලක්කරන කොතලාවල පනත ඉරා දමන තුරු සටන අත් නොහරින බව මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටින සිසුජන ව්‍යාපාරයේ නායකයින් පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ සංවිධානය කළ විරෝධතාවය ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව හන්දියේදී පැවති අතර එහිදී පොලිසිය විසින් විරෝධතාකරුවන් 32 කු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දුන්නද පසුව ඔවුන් නිරෝධායනයට යොමු කළේය.

අද (10) දින පස්වරුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව අවධාරණය කරනු ලැබීය. මෙහිදී ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි, ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමි සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලිං යන අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ මෙම සටන කුමන බාධක පැමිණියත්, ආණ්ඩුව සිරගෙවල්වල සිරකර තැබුවත් කොතලාවල පනත ඉරා දමන තුරු සටන අත් නොහරින බවයි.

 

Leave A Reply

Your email address will not be published.

6 − four =