මහින්ද යුවල සහ රනිල් එකතුකළේ දාස මුදලාලිගේ ඥාතියෙක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අතර හමුව සිදුවූයේ වික්‍රමසිංහගේ අසල්වැසියකුගේ එනම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ (දාස) ඥාතියකුගේ නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී බව වාර්තාවේ.

එම භෝජන සංග්‍රහය අසල්වැසියාගේ උපන්දිනයක් වෙනුවෙන් සංවිධානය වූවක් බවත්, එහිදී රහස් දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ බවත් එජාපය අවධාරණය කර සිටී.

එම ඡායාරූපවල අගමැති මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ශිරන්ති රාජපක්ෂ සහ ශිරන්තිගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ යන අය එකට අසුන් ගෙන ආහාර ගන්නා අයුරු දිස් වේ.

මෙම පිරිසට අමතවර එම ඡායාරූපවල තවත් කිහිප දෙනෙක් සිටින අතර කොළඹ පදිංචි සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පසුගියදා පැවති උපන්දින රාත්‍රී සාදයක් අතරතුරු මෙම ඡායාරූප ලබා ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

භෝජන සංග්‍රහය පැවැත්වූ අසල්වැසියා මහින්ද හා රනිල් දෙපළගේ පැරණි මිතුරෙකු බවත්, ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ (දාස) ඥාතියකු බවත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

sixteen − 10 =