පොහොට්ටු හිතවත්තු කැලෑ කපති

 කතරගම කොච්චිපතාන, සිතුල්පව්ව හා වැඩසිටිකන්ද රක්ෂිතවලට අයත් වනාන්තර කපා දමමින් දැඩි පාරිසරික විනාශයක් සිදු කරමින් සිටින බවත්, මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලකයන්ගේ අනුග්‍රහය ලබන්නන් බවත් ප්‍රදේශවාසීහු පවසති.
කොච්චිපතාන – සිතුල්පව්ව මාර්ගයටත් වැඩසිටිකන්ද රක්ෂිතයටත් අයත් වන ප්‍රදේශයේ අක්කර 300කට වැඩි ප්‍රමාණයක් මෙම ජාවාරම්කරුවෝ වනය කපා පුච්චා දමා ඇත.
මෙම පුද්ගලයන් විසින් කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 55ක්  අත්පත් කරගනු ලැබ ඇති අතර, මෙම ඇතැම් ඉඩම්  ව්‍යාජ බලපත්‍ර සාදා පිටස්තර අයට විකුණා ඇතැයි හෙළි වී තිබේ.
මේ අතර සෙල්ල කතරගම – යාල වන සීමාවට අයත් ස්ථාන රැසක අනවසර වැලි ගොඩ දැමීම ද මොවුන් විසින් සිදු කරන බව ප්‍රදේශවාසීහු පවසති●
ධම්මික ප්‍රියදර්ශන –  කතරගම.

 

Leave A Reply

Your email address will not be published.

18 − 11 =