ආයුබොවන්ඩ කැටේ,

රණවිරුවෝ., රටවිරුවෝ හා සුවවිරුවෝ වැනි විරුවන්ගේ ලැයිස්තුවේ අලුත්ම විරුවා වෙන තමුන්නැහැගෙ නම බැලවිරුවා හැටියට ඉතිහාසගත වෙනවා නියතයි. කැටේගේ මේ මන්තිරි දානය ගැන හුදී ජන පපු කූඩුවල බුර බුරා පත්තු වෙන්නේ අහවල් ජාතියේ පිරීතියක්ද කියලා ඩිංගක් පාරට බැස්සොත් දැනගන්ඩ ඇහැකියි. ෆේල් පිට ෆේල් වෙලා හොම්බටම එරිල ඉන්න සෑර් ඇතු`ඵ රෝයල් පැමිලි එක ගොඩ දාන හැටි මම පෙන්නමි කියන බැසිල් ලොක්කා ගේ උදාන වාක්කිය සම්පූර්ණ කිරීමේ ගව්රවේ හිමි වෙන්නෙත් ඔහේටමයි. හෙට අනිද්දා පිරිත් පැනුයි, නූලුයි පොදි බැඳගෙන මහාවිරු බැසිල්ට සෙත් පතන්න සඟ පෙරහැර එනකොට කොහෙවත් ඉන්න හාල්පාරුවන්ට කැමරාවට පනින්න ඉඩ දෙන්න එපා කැටේ.
වීර බැසිල් කුමාරයා වෙනුවෙන් බෙල්ල විතරක් නැතුව කඳ, බඩ ඇතු`ඵ සකල සර්වාංගෙම පූජා කොරන්ඩ බුලත්, දුන්කොළත් අරං රජ ගේ දොරකඩ හතරගාතෙන් වැටිලා කන්නලව් කොරපු චරිතලා, බණ්ඩාරලා වගේ වියත් මගේ මහැදුරන්ටත් උඩින් පැනලා ජාතියේ ගැලවුම්කරුවා වීමේ බාග්ගිය කැටේට උදා කරලා දුන්නේ මහ බලගතු ඥානක්කා වෙන්නම ඕනෑ. කොරෝනා මාරයා රට හතර දිග්බාගෙන්ම බිලි ඉල්ලන කොට., පෝර පුරස්නේ උඩ ගොවිතැන් බත් කොරගන්න විදිහක් නැතුව ගොයියෝ පොලිඩෝල් ගහන්ඩ ලකලෑස්ති වෙනකොට සෑර් මාලිගාවේ රෝයල් පැමිලි එක රැස්වෙලා හෝරා ගාණක් පුරා සම්මන්තොරණ පැවැත්තුවේ බැසිල් කුමාරයාගේ දියවන්නා තරණ මංගල්ලෙ ගැනලු නේද ආයිබොවන්ඩ… අනේ වාසනාවන්.., හැටනම ලක්සේ ජනවරමට ඒක මොන තරං ගව්රයක් ද…?
ඒ අවසේස කාරණා පැත්තකින් තියමුකො කැටේ… අපිට දැනගන්ඩ ලැබුණු විදිහට වියත් මගේ මහැදුරු ඇත්තංට නං පූජා වට්ටියෙ සූජානං කොරල තිබුණේ කැන්ගරු දේසේ ඇම්බැසොඩර් තානාන්තරේලු. වියත් මගේ පිහිටෙන් පොට්ට චාන්ස් එකක් අරං රජ සබාවට රිංගපු උන්නැහැලට එහෙම සලකනව නං සිනමා අඹරේ නිවි නිවී පත්තු වෙන ග්‍රහ වස්තුවක් වගේම දැයේ ගැලවුම්කාර බැසිල් කුමාරයා වෙනුවෙන් ඇක්ටිං, පයිටිං පවා කොරපු ඔහේට දෙන ලංසුව ලේසිපාසු එකක් වෙන්ඩ ඇහැක් යැ… ඔය හෙට අනිද්දට සේල් දාන්ඩ තියෙන කසිකබල් කෝපරේසන් එකක සබාපති පට්ටමක් වගේ ලණුවක් කන්ඩ තරං නං කැටේ මෝඩ නැති බව රටම දන්නවා… ඒත් ආයිබොවන්ඩ මේක ඉන්ටනැසනල් ලෙවල් එකේ ගේමක් නිසා ඩොලර්වලින්ම ගනුදෙනු බේරා ගන්ඩ ඇහැක් නං තමා ඔහේගේ උතුම් පරිත්‍යාගෙට හරිහමන් වටිනාකමක් ලැබෙන්නෙ..
ආයෙ ආයෙමත් කියන්ඩ තියෙන්නෙ නං කැටේ ඔහේ කොරගත්තු මේ මහා පුන්නියකරුමෙ නං ජාතියේ කරුම ඔක්කොම දූරිංබූත වෙලා යන දෙවියන්, බඹුන් ඇතු`ඵ දිවිය සබාවේ සකල බලදාරීන්ගේ ප්‍රසංසාවට පාත්තර වෙන ජාතියේ උත්තම කිරියාවක්.. බැසිල් කුමාරයා සුබ මූර්තියෙන් දිවුරුම් දීලා අග්ගර පුරෝහිතයා හැටියට වැඩ, රාජකාරි පටන් ගන්න මොහොතේ සක්වළ ගල පොරකම්පනය කොරමින්., සප්ත සාගරය දෙබෑ කරමින් හා තවත් ඇස් බැන්දුං, හිත් බැන්දුං කෙළකෝටියක් සිද්ද වෙනවා ඒකාන්තයි. ඒ විතරක්යැ කැටේ… පේල් වෙච්ච සෑර් ඇතු`ඵ රෝයල් පැමිලියේ හත්මුතු පරම්පරාව ඩබල්, ටි්‍රබල් පරමෝසන් ගහන එකත් ෂුවර්ම ෂුවර්… කැලණි ගඟෙන් මතු වූ නාග රාජයාට  අමතරව මහවැලි, ගිං, ක`ඵ, වළවේ, වික්ටෝරියා, රන්ටැඹේ, කොත්මලේ වගේ හැම ජලාසෙකින්ම නයි, පොළොං, කුණකටු, ගැරඬි විතරක් නෙමේ කබර, තලගොයි, දියබරි වගේ බලගතු උරගයින් දඩාස් ගාලා මතු වෙන්ඩත් ඇහැකියි..
කොටින්ම කියනව නං කැටේ…, බැසිල්ගේ සම්පරාප්තියත් එක්ක ටක්කෙටම ඉස්ට-සිද්ද වෙනව ය කියන මහා හැරවුං ලක්සෙ ද මොකක් ද කියන විජ්ජුම්බරේ නං පස්සෙ හුදී ජනතාව වළපල්ලටම පෙරළලා සෑර්ලා නං ගොඩේ ගොඩ යනවා සත්තයි●
විශ්වමිත්‍ර
Leave A Reply

Your email address will not be published.

17 − 5 =