ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දෙවනපෙළ කණ්ඩායම අතර තරඟාවලියේ දින වෙනස්වෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දෙවනපෙළ කණ්ඩායම අතර ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලිය කල් දැමෙනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු, ග්‍රාන්ට් ෆලවර්ට සහ කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන ට කොවිඩ්19 ආසාදිත බව තහවුරු වීම නිසා මෙම පියවර ගනු ඇති බව වාර්තා වේ.

මෙම දෙදෙනාටම ආසාදනය වී ඇත්තේ ඩෙල්⁣ටා ප්‍රභේදය බව තහවුරු වී ඇති අතර ඔවුන් දෙ⁣දෙනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.
මෙම තත්ත්වය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට අමතර දින දෙකක් නිරෝධායන⁣යට ලක්වීමට සිදුවනු ඇති.

එංගලන්ත සංචාරය නිමවා මෙරටට පැමිණි කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව අවසන් වීමට නියමිතව තිබුණේ හෙටය.

ඒ අනුව ඉන්දීය තරඟාවලිය සඳහා වන ජෛව ආරක්ෂණ බුබුලට කණ්ඩායමට ඇතුලත් වීමට නියමිත වුවද ඔවුන්ට නැවතත් PCR පරීක්ෂණයකට භාජනය වීම⁣ට සිදුවනු ඇත.

මෙම තත්ත්වය යටතේ ලබන 13වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය ජූලි 17 වනදා ආරම්භ වීමට නියමිතය.

දෙවන හා තෙවන තරඟ පිලිවෙලින් ජූලි 19 සහ 21වනදා පැවැත්වෙනු ඇති.

ඉන්දියාවේ දෙවනපෙළ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය ජූලි 24 වනදා ආරම්භ වෙයි.

Leave A Reply

Your email address will not be published.

two × one =