විරෝධතාකරුවන් 32 ක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ සංවිධානය කළ විරෝධතාවය අද පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව හන්දියේදී පැවති අතර එහිදී පොලිසිය විසින් විරෝධතාකරුවන් 32 කු අත්අඩංගුවට ගත්තේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විරෝධතා ඇතුළු මහජන ඒකරාශී වීම් තහනම් කර තිබියදී සෞඛ්‍ය නීතිරීති වලට අනුකුලව පැවති මෙම විරෝධතාව පැවැත්වුවද පොලීසියෙන් එයට බාධා එල්ල විය. විරෝධතාව සඳහා සහභාගි වූ දේශපාලන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති සාමාජිකයන්, විශ්වවිද්‍යාල සිසුන් 32 ක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉතා නින්දිත ආකාරයෙනි.

කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේදී කාන්තා පොලිස් නිලධාරින් දක්නට ලැබුනේ ඉතා අඩු වශයෙනි. විරෝධතා කරුවන් පැවසුවේ මෙහිදී පොලිස් නිලධාරින් අසහනකාරීව හැසිරුණ බවයි. වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ විරෝධතා කරුවන් ඉතා නින්දිත අයුරින් ඔසවාගෙන, ඇදගෙන යන අයුරු දක්නට ලැබිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස සවස අධිකරණයට ඉදිරිපත්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගියේය.
මේ අතරතුර දීම ජනාධිපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් දිවුරුම් දීම නිමිත්තෙන් රට පුරා ස්ථාන රැසකදී විවිධ උත්සව සංවිධානය කර තිබිණි එම උත්සව වලට නිරෝධායන නීති වලන්ගු නැති දැයි ජනතාව ප්‍රශ්න කරති.

Leave A Reply

Your email address will not be published.

eight − 5 =