කොතලාවල පනතට එරෙහි වූ හැටන් හි 04ක් අත්අඩංගුවට

අධ්‍යාපනය මිලිටරීකරණයට දක්කන, අධ්‍යාපනයේ මළගම සටහන් කරනු ලබන කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක මංජුල සුරවීර, කොත්මලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කපිල බණ්ඩා වීරකෝන් සහ ජයරත්න, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයි සෙල්වි යන 04 දෙනා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට ඔවුන් හැටන් පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇති අතර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.

4 × five =