ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණකරුවකු වන ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට එංගලන්ත සංචාරයෙන් පසු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද සහබාගි වී තිබේ.

මෙම එංගලන්ත තරඟාවලිය අවසන් වන විට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණුකරුවන් මේ වනවිට කොළඹ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන්ට නැවත දැනුම්දෙනතුරු සිය කාමරවලින් පිටතට නොයන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

නමුත් එළඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය එක්දින තරඟාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.

seven + nine =