බැසිල් මන්ත්‍රීවරයකු වීමටත් පෙර නැකතට හෙට ඇමති වරයෙක් ලෙස දිවුරුම්දෙයි

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු, ජනාධිපති, අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානාක ඉදිරියේ දිවුරුම්දීමටත් පෙර මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉදිරියේ නැකතට මුදල් ඇමති ලෙස හෙට (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බවත් පසුව පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයකු වශයෙන් කතානායක ඉදිරියේ දිවුරුම් දීමටත් නියමිතව ඇත. අනතුරුව හෙට පෙරවරුවේම අමාත්‍යංශයේ වැඩ බාරගැනීමටද නියමිතය.

ජාතික ලයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ පත් කළ බව සදහන් ගැසට් නිවේදනය අද පෙරවරුවේ නිකුත් කර තිබිණි.

වත්මන් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ වරයා වන බැසිල් රාජපක්ෂ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ අතර එම ආණ්ඩුව පරාජයට පත්වීමත් සමග මැතිවරණ ප්‍රතිඵල නිකුත්වෙමින් තිබියදී මැතිවරණය පැවතිදිනය පසුදින අළුයම ඔහු හොරරහසේම ලංකාව අතරහැර ඔහුගේ පුරවැසිභිවය හිමි ඇමරිකා එක්සත් ජනපදයට පිටත්ව ගියේය.

Leave A Reply

Your email address will not be published.

ten − five =