“මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා”

“අපි ආණ්ඩුවට යෝජනා කරනවා නිසි වැඩපිළිවෙළක් හදලා කොරෝනා මර්දනය කරන්න ක්‍රියා කරන්න කියලා. මාස දෙක තුනක් ඇතුළත මර්දනය කිරීමේ සැලැස්මක් සකස් කරන්න කියලා. එහෙම නොකර කොරෝනා මර්දනයක් නොකර සාමාන්‍ය ජීවිතයට යන්නත් ඉඩ නොදී දෙකම තියාගෙන යන්න එපා කියලා අවධාරණය කරනවා. කොරෝනා මර්දන සැලැස්මකට අපි ඔක්කකොම එකතු වෙලා කැපකිරීම් කරලා මේක ඉවර කරමු. එහෙම නැතිව කොරෝනා පාවිච්චි කරමින් තමන්ගේ බැරිකම් වහගන්න ඉඩ දෙන්න බැහැ. මේ දේවල් කරලා සටන් නවත්වන්න බැහැ කියලා අපි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට කියනවා. ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා.

ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා කාව බය වැද්දුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපිව බය වද්දලා මේ ක්‍රියාමාර්ග නවත්වන්න බැහැ කියලා. අපි සාධාරණ හේතුන් මත ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ආණ්ඩුවට තියෙන්නේ මර්දනකාරී ක්‍රියාමාර්ග ආපසු ගන්න එක.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (07) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

“වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන් ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැස්වීම්, තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ ඊයේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාල නිරෝදායන නීති ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛණ ගත්තාම කොරෝනා ආසාධිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලීසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලීසිය ක්‍රියා කරනවා කියලා.

මෙවැනි නිවේදනයක් හදිසියේ ප්‍රචාරය කරන්න ආණ්ඩුවට බලපෑ කරුණු කිහිපයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුහන් කරන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තරුණ කටයුතු හා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ. ඊට විරුද්ධව වරින් වර ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමාපියන් ගෙනගිය උද්ඝෝෂණ නිසා පරාජයට පත්කළා. මේ ආණ්ඩුවත් විශාල බලයක් පාවිච්චි කරලා හදිසියේ මේ පනත සම්මත කර ගන්න කටයුතු කරනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැන ගන්න අයිතියක් නැද්ද? ඒ ගැන සමාජයේ සංවාදයක් ඇතිවී නැහැ. ඒ කිසිවකට ඉඩ නොදී තක්කඩි විදිහට හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්තියි. නමුත් මීට විරුද්ධව නිදහස් අධ්‍යාපනයට ආදරය කරන අය, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන හිතන අය විරෝධය පළකරන බව දන්නවා. ඒ නිසා මේ පනතට එරෙහිව එන විරෝධය මර්දනය කරන්න පොලිස් මූලස්ථානයෙන් මාධ්‍ය නිවේදන දානවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධ පනතක් ගැන හඬක් නගන එක අපරාධයක් වෙන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ මහත්තයලා, රාජපක්‍ෂ මහත්වරුන් වටේ ඉන්න ඉහළම පංතියේ ජාවාරම්කාර පැලැන්තියට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවගේ දරුවෝ උසස් අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එය විනාශ කරන එක ලේසියෙන් නැවත හරවන්න බැහැ.

මෙහිදී  ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තවත් අදහස් පළකළ අතර මේ එයින් කොටසකි

Leave A Reply

Your email address will not be published.

sixteen + 8 =