චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් ලංකාවෙන් රුපියල් දහසේ රන් කාසියක්

පසුගියදා සමරන ලද චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සහ ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් දහසේ සමරු කාසියක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිය.

ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ කාසියේ එක් පසෙක සමඟ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වේ.

එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත.

කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව – චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර ඇත.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් වේ.

මහබැංකුව නිවේදනය කරන්නේ මෙම රුපියල් දහසේ රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ දෙරට අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

five × four =