මුදල් අමාත්‍යංශයේ නිර්දේශයෙන් යලි ඇරඹි මෙන්ඩිස් මත්පැන්, ජනපති නියමයෙන් යලි බලපත්‍රය අහෝසියි

පර්පෙචුවල් සමූහයේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.ඒ. මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අගමැතිවරයාගේ එනම් මුදල් අමාත්‍යංශයේ නිර්දේශය මත පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (05) පස්වරුවේ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර මුදල් අමාත්‍යංශය විසින් අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමට මෙසේ මත්පැන් ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් දී ඇමතිවරුන් කිහිපදෙනෙකු දැඩි ලෙස විරෝධය පළකර තිබෙන බවද වාර්තා වෙයි.
මෙලෙස විරෝධය දැක්වූ ඇමතිවරුන් අතර මහින්දානන්ද අලුත්ගමගේ , විමල් විරවංශ , උදය ගම්මන්පිල, එස්.එම. චන්ද්‍රසේන ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකුද වෙයි.

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, 2018 වසරේ සිට, සුරා බදු දෙපාර්තමේන්තුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සදහා ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කර තිබුණි.

හිඟ බදු මුදල් වාරික ගෙවීම් මගින් පියවා ගැනීමට සමාගම එකඟ වී ඇති බවත්, ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවත් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙන්ඩිස් සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර 03ක් ලබා දී ඇත. ඒ, මත්පැන් නිෂ්පාදනාගාර 02කට සහ මත්පැන් ස්කාගාරයක් සඳහායි.

 

Leave A Reply

Your email address will not be published.

3 × four =