ආසාත්මිකතා නිසා සියයක් රෝහලේ

දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනුදැනුමකින් තොරව  හමුදාවේ යැයි පවසන කණ්ඩායමක් දෙහිඅත්තකණ්ඩියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ සියයකට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.

‘අප ආයතනයේ සියලුම සේවක සේවිකාවන් හා කාර්ය මඬුල්ල වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා යුද හමුදාපතිතුමා ඇතුළු කාර්ය මඬුල්ලට අපගේ හෘදයාංගම ස්තුතිය’ යනුවෙන් දැන්වීමක් එන්නත ලබා දෙන ස්ථානයේ එල්ලා තිබූ බව එම ඇඟලුම් ආයතනයේ සේවකයෝ මාධ්‍ය වෙත පවසා ඇත.

සේවකයන් 1,500 දෙනකුට පමණ එන්නත ලබා දී ඇති බවත්, එයින් 150 දෙනකුට ආසන්න පිරිසකට  ආසාත්මිකතා ඇති වී 100කට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇති බවත් සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, තමා ඒ ගැන නොදන්නා බවයි. කෙසේ වෙතත්, තොරතුරු සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය●

ශිවන්තිකා මුතුගලගේ – දෙහිඅත්තකණ්ඩිය.
Leave A Reply

Your email address will not be published.

14 + 6 =