නුවරඑලිය ළමා නිවාසයක ළමුන් 37 ට සහ කාර්ය මණ්ඩලයේ 08 ට කොරෝනා

නුවරඑලිය නගරයේ පිහිටි ළමා නිවාසයක කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකුට සහ එහි සිටින ළමුන් 37 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (05) දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශකර ඇත.

මුලින් මෙම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති අතර ඒ සමඟ ළමා නිවාසයේ ආශ්‍රිත ළමුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර තිබේ. ඒ අතරතුර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වලින් මෙම අසාදිතයන් හමු වී තිබේ.
අසාදිත ළමුන් සියලු දෙනා සහ කාර්ය මණ්ඩලයේ නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව එම නිලධාරියා පැවසිය.

 

Leave A Reply

Your email address will not be published.

sixteen + five =