රිෂාඩ්ගේ නඩුවෙන් සිව්වැනි විනිසුරුත් ඉවත් වෙයි !

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් සිව්වැනි වරටත් තවත් විනිසුරුවරයෙකු අද (05) ඉවත් වී තිබේ.
මෙසේ ඉවත් වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ය. මීට පෙර විනිසුරු ජනක් ද සිල්වා, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මේ පෙත්සම් සලකා බලන අවස්ථාවලදී ම ඉන් ඉවත් ව තිබිණි.
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

17 − nine =