ජවිපෙ පිරිස අත්අඩංගුවට ගැනීමේ තීරණයට විපක්ෂ නායකගේ විරෝධය !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ තැතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ආණ්ඩුවේ මෙම ආඥාදායක, ෆැසිස්ට්වාදී වැඩපිළිවෙල පිළිබඳව සමගි ජන බලවේගය දැඩි විරෝධය සහ පිළිකුල පළ කරන බවයි.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයට ම ඇති බවත් එය උඋල්ලංඝණය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට නොමැති බවත් සිය නිවේදනය මගින් අවධාරණය කර සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත් වුණු දා සිට ම ජනතා හිත සුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජන ජීවිත කබලෙන් ලිපට දමමින් පීඩා කරමින් සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී සටන් බිමේ අරගලකරුවන් දඩයම් කිරීම සිදු කරමින් සිටින බවයි

Leave A Reply

Your email address will not be published.

15 − four =