මහකොමසාරිස් පදවිය, රටේ මුදල් ඇමති, ඉවත්කරන මන්ත්‍රී තෝරන්නේ පවුලේ හමුවෙන්ද?

බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළකලද පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් බැසිල් රාජපක්‍ට ලබන 8 වැනිදා පාර්ලිමේන්තු පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායකයන් සුබ නැකතක් පවා සකස් කර තිබෙන බවද පොහොට්ටු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර බැසිල් එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.

මෙම පැමිණීම සහ එහි කොන්දේශි අතර තිබෙන මුදල් අමාත්‍යධූරය ලබාදීම සම්බන්ධ කාරණයේදී එයට තමාගේ අකමැත්තක් නොමැති බව දැනට මුදල් අමාත්‍යධූරය ද දරණ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නිවසේදී පසුගිය සෙනසුරාදා පැවති පවුලේ විශේෂ සාකච්ඡාවේදී මහින්ද රාජපක්‍ මුදල් අමාත්‍යධූරය ලබාදීමට අකමැත්තක් නැති බව පවසා ඇත.
රටේ මුදල් ඇමති තීරණය කිරීමට මෙන්ම රටේ තීන්දු ගැනීමට සිදු කළ මෙම පවුලේ සාකච්ඡාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරුන්ද, බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද සහභාගී වී තිබේ.

රටේ නායකයින් තීරණය කරන සාකච්ඡාවක් සුහද පවුල් හමුවක් වූ මෙම කතාබහේ දී බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණීම ස්ථිර කර ඇතත් පැමිණෙන දිනය නිශ්චිතව සඳහන් කර නැත.

තම පවුලට සම්බන්ධ නියමිත වයස සපුරා ඇති කිසිවෙකු පාර්ලිමේන්තුවෙන් පිටත සිටිය යුතු නැතැයි දෝ සලකා බැසිල් රාජපක්ෂද මැතිසබයට පැමිණීමට හැකිවන ලෙස ඉවත්විය යුතු කවුද යන්නද මෙම පවුල් හමුවේදී කතා වී ඇති අතර එහිදී ෆලීල් මර්ජාන්, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇත.

කෙසේ නමුත් බැසිල් රාජපක්‍ වෙනුවෙන් ඉවත් කරන්නේ මහාචාර්ය වරයෙක්ද එසේ නොවන කෙනෙක්ද යන්න තීරණය කිරීමේ වගකීම මෙම හමුවේදී පවරා ඇත්තේ නාමල් රාජපක්‍ෂ ඇමතිවරයාටය.

එලෙස ඉවත්වන මන්ත්‍රීවරයාට දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පිරිනැමීමට ද තීන්දු කර ඇති බවද වාර්තා වේ.
එය එසේමනම් රට වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් පදවිය පිරිනැමීම පවා තීන්දු කරන්නේ පවුලක හමුවකින් නම් එය මොන තරම් කනගාටුදායකද.
කෙසේ නමුත් අද(05) උදෑසන වන විට වාර්තා වන්නේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන්නේ, තමන්ට අදාළ අමාත්‍යාංශය ජනාධිපති වරයා විසින්, ගැසට් කිරීමෙන් පසුව බව, පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක , බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත දැනුම් දී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන බවයි.

Leave A Reply

Your email address will not be published.

13 + 4 =