පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක්

පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා අද(5) සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව පළාත් අතර පණවා ඇති සංචරණ සීමා ලබන 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

රට තුළ පනවා ඇති සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(4) පස්වරුවේ නිකුත් කළේය. එම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කැසිනෝ රාත්‍රී සමාජ ශාලා සමාජශාලා ඔට්ටු මධ්‍යස්ථාන,සහ බාර් තවදුරටත් වසා තැබිය යුතුවෙයි.

මෙම සෞඛ්‍ය නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එපමණක් නොව සැණකෙළි, සංගීත සංදර්ශන පැවැත්වීමද උද්‍යාන,වෙරළ,ගං ඉවුරු ආශ්‍රිතව එක්රැස්වීමද, සම්භාෂණ හා ගෘහස්ථ රැස්වීම් තවදුරටත් තහනම් කෙරේ.

කෙසේ වෙතත් “ස්පා” විවෘත කිරීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය මෙලෙසය.

Leave A Reply

Your email address will not be published.

3 × 5 =