“ලංකාවට තව වැටෙන්න තැනක් නෑ – මේ සතියේ ඩොලර් බිලියනයක් ඕනෑ” – ඇමැති බන්දුල

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් මේ සතිය තුළ ගෙවිය යුතු බවත්, එසේ නොකළහොත් ලංකාව බංකොලොත් රටක් වන බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසයි.
රට ඉතා විශාල ආර්ථික අර්බුදයක සිටින නමුත් ඊට වැරදිකරුවන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ අගමැති මහින්ද රාජපක්ෂ නොවන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. මේ අර්බුදය ඇරඹුණේ 2015 වසරේ සිට බවත්, වත්මන් ආණ්ඩුව රට බාරගන්නා අවස්ථාවේදී ආර්ථිකය විනාශ වී තිබූ බවත් සඳහන් කරන ඇමැතිවරයා, පවතින ණය ප්‍රමාණය පියවීමට 2029 වසර වන තෙක් සෑම වසරකටම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5කට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුව ඇති බවත් පෙන්වා දෙයි.
ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළම ස්ථානයක සිටින බවත්, තවත් පහළට වැටීමට ලංකාවට ඉඩක් නොමැති බවත් පවසන ඇමැතිවරයා, කෙසේ හෝ මුදල් එකතු කර ණය වාරිකය ගෙවා මෙරට බංකොලොත් වීමෙන් වළක්වා ගන්නා බව ද අවධාරණය කර සිටී. පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.

two + seventeen =