කොළඹ දිස්ත්‍රික්කයේ සයිනොෆාම් පළමු මාත්‍රාව ගත් අයට පණිවිඩයක්

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම අයෙකුට එම එන්නතෙහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී අද (03) දිනයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ විය.

රිජ්වේ ආර්යා ළමා රෝහල ආසන්නයේ ශාන්ත ලූකස් දේවස්ථානය පරිශ්‍රයේ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීමේ වැඩසටහන ද පැවැත්වේ.

මෙහිදී වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් පළමු සහ දෙවන මාත්‍රා ලබාදෙන අතර රෝහල් වෙබ් අඩවියේ (lrh.health.gov.lk/vaccine) ලියාපදිංචිවීමෙන් පසුව අනුපිළිවෙල අනුව එම කටයුතු සිදු කෙරේ.

එන්නත්කරණ වැඩසටහන දිනපතා උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ.

Leave A Reply

Your email address will not be published.

3 + three =