ඊයේ (2) කොවිඩ් ආසාදිත මරණ 34 ක්

ඊයේ (2) දිනයේ කොවිඩ් ආසාදිතවූ තවත් 34 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.

මෙම මරණ 34 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,191 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගෙන් 28 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර 06 දෙනකු ද වෙති.

Leave A Reply

Your email address will not be published.

nineteen + three =