කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ඩෙල්ටා ආසාදිතයෝ 14 ක්

දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. .

කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙම සැර කොරෝනා ආසාදිතයන් හමුවී තිබේ.

මේ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය ,කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හමුවී ඇත .

දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමෙන් ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් 14 දෙනා හමුවී තිබේ.

මීට පෙර ඩෙල්ටා සැර කොරොනා ආසාදිත 10 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් සොයා ගෙන තිබිණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී

Leave A Reply

Your email address will not be published.

3 + one =