මිලිටරිකරණ උමතුව සහ කොතලාවල පනත…

මහින්ද රාජපක්ෂ 2005දී ජනාධිපතිවරණයෙන් ජය ලබත්ම ගෝඨාභය රාජපක්ෂ ලංකාවට කඩාපාත් විය. ඒ අයියාගේ බලයට හේත්තු වන්නටය. මහින්ද අයියාද ගෝඨාභය මල්ලි ආරක්ෂක ලේකම් බවට පත් කළේය. රටේ බෙදුම්වාදයට හා බෙදුම්වාදයට මුවා වී සිදුවන අධිරාජ්‍යවාදී බලපෑම්වලට එරෙහි දේශප්‍රේමී දේශපාලන සංවිධාන සහ ජනතාව බෙදුම්වාදයට එරෙහිව කටයුතු කරන්නැයි ඉල්ලා සිටිද්දී, එය මඟහැර සාකච්ඡාවලට වටේ ගිය රාජපක්ෂලා මාවිල් ආරු අත්දැකීමෙන් යුද්ධය ඡන්ද ඉල්ලමක් කර ගන්නට සමත් විය. ඔවුනට අනුව යුද්ධය කළේ ද රාජපක්ෂලා පමණි. ජනතාව සහාය දැක්වූයේ නැත. කට්ට කෑවේ ද නැත. එනිසා යුද්ධයෙන් දිනා ගත් රට ඔවුනට අයත් යැයි සලකා හොරකම, දූෂණය, විකිණීම, මැරකම රාජපක්ෂකරණය කළේය. යුද්ධය කළ හමුදා සෙබළා රණවිරුවා බවට ඉහළට ඔසවා එහි කීර්තිය ද තමන්ගේ බූදලයට ගත් රාජපක්ෂලා මිලිටරිකරණය කෝකටත් තෛලය කොට ගත්තේය. ඒ දිනවල විශ්වවිද්‍යාල සිසුන්, විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැයි යවා විගඩම් කළ රාජපක්ෂ ආණ්ඩුව මර්දනය ද එක් පාලන උපක්‍රමයක් ලෙස පවත්වා ගත්තේය. ඒ සඳහා ද ‘රණවිරුවා’ දඩමීමා කොට ගත්තේය. මේ සියලු ශිල්ප මැද වුව ද, 2015 රාජපක්ෂ අයියා මැදමුලනටත් මල්ලිලා ඇමරිකාවටත් යැවීමට ජනතාව තීරණය කළේය.

යුද්ධයෙන් දිනා ගත් රට ඔවුනට අයත් යැයි සලකා හොරකම, දූෂණය, විකිණීම, මැරකම රාජපක්ෂකරණය කළේය. යුද්ධය කළ හමුදා සෙබළා රණවිරුවා බවට ඉහළට ඔසවා එහි කීර්තිය ද තමන්ගේ බූදලයට ගත් රාජපක්ෂලා මිලිටරිකරණය කෝකටත් තෛලය කොට ගත්තේය. ඒ දිනවල විශ්වවිද්‍යාල සිසුන්, විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැයි යවා විගඩම් කළ රාජපක්ෂ ආණ්ඩුව මර්දනය ද එක් පාලන උපක්‍රමයක් ලෙස පවත්වා ගත්තේය.

මහබැංකුව කොල්ල කෑ රනිල් වික්‍රමසිංහලා ‘මරාගෙන කන්නෙමි’යි වහසිබස් කී රාජපක්ෂලා යළි බලයට පැමිණියේ මල්ලි ජනාධිපති කොට අයියා අගමැති වෙමින්ය. දැන් මිලිටරිකරණය නම් කෝකටත් තෛලය ඇඟ පුරාම නාගනිමින් සිටී. මිල පාලනයට හමුදා ලොක්කෙක් දමා සහල් මාෆියාව මැඬලන්නට ගොස් දැන් රටින් සහල් ගෙන්වන තත්ත්වයට පසුබැස සිටින රාජපක්ෂලා සෞඛ්‍ය සේවය, කෘෂිකර්මය ආදී රටේ ප්‍රධාන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මිලිටරිකරණය කොට ජෙනරාල්වරුන් වැඩබැරිදාසලා කරමින් සිටිති. මේ සියල්ලේ කූටප්‍රාප්තිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතයි.

“2. (1) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුව ද, එය නොතකා (මෙහි මින්මතු “විශ්වවිද්‍යාලය” යනුවෙන් සඳහන් කරනු ලබන) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය නම් වූ විශ්වවිද්‍යාලයක් පිහිටවනු ලැබිය යුතුය.”

අධ්‍යාපනයේ මිලිටරිකරණ පනත ආරම්භ වන්නේ එසේය.

“5 10. (1) ජනාධිපතිවරයා විසින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කරනු ලැබිය යුතුය.”

පනතට මිලිටරිකරණ ඇබය ගසා සීල් කරන්නේ එසේය. මේ වටින් නොව කෙළින්ම හැරෙන්නේ නිදහස් අධ්‍යාපනය නම් වූ මෙරට ජනතාවගේ දරුවන් විසින් භුක්ති විඳින කුමක් හෝ අයිතිවාසිකමක් ඉතිරිව තිබේ නම් එය මිලිටරිකරණය හරහා පෞද්ගලිකකරණයට යවන්නටය. මෙහි අනතුරු දෙකකි. මෙතෙක් අත්හදා බලා රාජපක්ෂලා අසරණ කළ මිලිටරිකරණයට උසස් අධ්‍යාපනය ගොදුරු කිරීමත්, මේ හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමත් යන්නය.

ජනතාව මෙතෙක් දිනාගත් කිසිවක් පාලකයන් දුන් දේ නොව අරගලවලින් ලබා ගත් දේ සහ ධනපති රාජ්‍යයේ යම් අරමුණක් වෙනුවෙන් ආරම්භ කොට ජනතාවට ද අතුරු වාසියක් ලෙස අහම්බෙන් ලැබුණු දේ ය. නිදහස් අධ්‍යාපනය යන්න ද මේ ක්‍රියාවලි දෙකෙහිම ඵලයකි. එය මේ තරමින් හෝ තම දුවා දරුවන් වෙනුවෙන් රැකගැනීම ජනතාවගේ වගකීමයි. එහි පළමු පියවර වන්නේ මේ ක්‍රියාවලියට තම විරෝධය දැක්වීමයි. සංවිධානය වූ ජනතාවකට කළ නොහැකි දෙයක් නැත●

 

 

Leave A Reply

Your email address will not be published.

twenty + six =