2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් ප්‍රතිඵල ලේඛනය….

රටේ පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 ගොඩගේ අත්පිටපත් තරගය සැලසුම් කළ ආකාරයෙන් අවසන් කිරීමේ අපේක්ෂා අපෙන් දුරස් කළ බව ඔබ කවුරුත් දන්නා හෙයින් ඒ ගැන වැඩිමනත් යමක් මෙහි නොලියමි. මේ අයහපත් තත්ත්වය යම් පමණින් කළමනාකරෙණය කර ගනිමින් අප විසින් සම්මානය සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ප්‍රකාශයට පත් කරනු ලැබුවෙමු. ඒ අනුව අවසන් වටයට නිර්දේශ වූ කෘති 39 මුද්‍රණ කටයුතු මේ වනවිට අවසන් ව තිබේ. එහෙත් පවතින තත්ත්වය යටතේ සම්මාන ප්‍රදානෝත්සවයට දින නියම කිරීමට අවස්ථාවක් නොමැති හෙයින් ජයග්‍රාහී කෘති නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට සංවිධායක කමිටුවේ තීන්දුව විය. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2021 පවත්වන දිනයට සමගාමීව අත්පිටපත් සම්මාන ප්‍රදානය සිදු කිරීමටත් මුද්‍රිත කෘති අලෙවිය සඳහා නිදහස් කිරීමටත් දැනට තීන්දුවක් ගෙන ඇති අතර පසුව ඒ පිළිබඳ වැඩිමනත් තොරතුරු දක්වනු ඇත.
2020 ගොඩගේ අත්පිටපත් තරගයට නිර්මාණ ඉදිරිපත් කරමින් තරගකාරිත්වය තියුණු කළ සියලු දෙනාට සම්මාන කමිටුවේ ප්‍රණාමය පිරි නැමේ.

2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් ප්‍රතිඵලය.
නවකතා– සමීක්ෂක – ප්‍රවීණ ලේඛිකා සේපාලි මායාදුන්නේ මිය
ඉදිරිපත් වූ නිර්මාණ අතර සම්මානය උදෙසා තෝරා ගත හැකි මට්ටමේ ප්‍රශස්තභාවයක් පෙන්නුම් කෙරෙන අත්පිටපතක් නොතිබුණ අතර ප්‍රබන්ධාත්මක ලේඛනයේ දක්ෂතාව ප්‍රකට කිරීම සහ තේමාත්මක ප්‍රහර්ෂයකින් යුක්ත වීමේ ගුණයන් සලකමින් අවසන් වටයට තේරුණු කෘති හය අතරින් පහක් කුසලතා මට්ටමින් අගය කෙරේ. මෙම නිර්මාණ ඉදිරිපත් කරනු ලැබූ කතුවර කතුවරියන් අනාගතයේ සිංහල සාහිත්‍යයේ පෝෂණය උදෙසා වැදගත් මැදිහත්වීමක් කළ හැකි දක්ෂතා පෙන්නුම් කර ඇති බව ද දක්වමු. අවසන් වටයට නිර්දේශ වූ එක් කෘතියක් දැනටමත් කතුවරිය විසින් මුද්‍රණය කර ඇති බැවින් තරග ප්‍රතිඵලයෙන් ඉවත් කළ බවත් දක්වමු. ඒ අනුව,
1. සුදු කළුවර – නන්දිකා රණවීර
2. තුන්ඩික කතාවක් – අනුර රෝහිත විජයකෝන්
3. කර්මජ – අභිෂේකා විමලවීර
4. ස්වමිතා මුකුරේරු – රෝහිත කොටුවේගෙදර
5. වෑ බැම්ම නොහුලයි – ජයසේන දිසානායක
යන අත්පිටපත් කුසලතා මට්ටමේ ඇගයීමක් සහිතව මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

  1. කෙටිකතා – සමීක්ෂක – ප්‍රවීණ විචාරක සුලෝචන වික්‍රමසිංහ මහතා
    සම්මාන ඵලකය – මුදල් තාග්‍යය- සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තැගී ලෙසින් ප්‍රදානය කෙරෙන 2020 වසරේ ජයග්‍රාහී කෙටිකතා අත්පිටපත
    සංසාර කමටහන් – සුනිිල් වික්‍රමසිංහ
    ප්‍රශස්ත ඇගයීම 1. කළුවරට බය කාමරේ ඇතුළෙ – කසුන් සමරතුංග
  2. හැමෝම මතක් කළා කියන්න – භාග්‍ය පණ්ඩිතරත්න

මුද්‍රණය සඳහා සුදුසු කුසලතාවක් දක්වන ලද අත්පිටපත්
1. අකුණු සැරය – ආර්. එම්. උමංගා ඔෂධි
2. 8851 සහ තවත් කතා – අචිනි දිල්ෂාණි නාකන්දල
3. ආදරෙයි වැලෙන්ටිනා – කවීෂා හසානි මුණසිංහ
4. සරාගි කමටහන් – ස්වර්ණා කාන්ති පෙරේරා
5. තිස් අට සහ තිස් නවය – සමන්ත වික්‍රමසිංහ
6. කවියාගේ සිහිනය – චින්තක දොඩම්පෙගම
7. ලොකු හාමුදුරුවන්ගෙ බර්ත් ඩේ පාටිය – ජගත් මුතුකුමාරණ
8. හන්තාන ආදරේ – සරත් නිතලව
9. ආදරණීය චෞරයා – සංජීව ප්‍රසන්න ෆොන්සේකා

  1. කාව්‍ය සංග්‍රහ – සමීක්ෂක – ප්‍රවීණ ලේඛිකා කල්පනා ඇම්බ්‍රොස් මිය
    සම්මාන ඵලකය – මුදල් තාග්‍යය – සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තෑගි ලෙසින් පිරිනැමෙන ජයග්‍රාහී කාව්‍ය සංග්‍ර අත්පිටපත
    කෑ ගා අඬගසන් සකි – රන්සර බණ්ඩාර
    ප්‍රශස්ත ඇගයීම්
  2. ළා රත් පැහැති දෙතොලක සිනහවක් – හෂාන් රන්දික ඩයස්
    මුද්‍රණය සඳහා සුදුසු කුසලතා දක්වන ලද අත්පිටපත්
  3. සරුංගල් ප්‍රේමිය – වින්යා මැණිකේ ජයසේකර
  4. දුහුල් නැවතුම් අගිසි – පසන් සංජය සමරතුංග
  5. සිියලු දේ කාලය ම අල්ලා ගැනීමක – සුනිල් වික්‍රමසිංහ
  6. සටන් සියයකට පසු – රණතුංග මල්ලවආරච්චි
  7. බිමට වට සිත – එරන්දි ඉරේකා තිරාණගම
  8. කුහුඹුවන් සහ අලි ඇතුන් – චන්ද්‍රසෝම බදුගම
  9. අනාත්ම – අර්ජුන් රණසිංහ
  10. හද තව සුවෙනි සුරුවෙනි – ගිහාන් මධුසංඛ හෙට්ටිආරච්චි
  11. හරස් වීදියේ සිට – අනුපමා ගනේගොඩ
  12. දම්පාට මේකුළ – මේඛලා උදාරි ලියනගේ

  13. යොවුන් නවකතා – සමීක්ෂක අනුරසිරි හෙට්ටිගේ
    සම්මාන ඵලකය – මුදල් තාග්‍යය – සහතික පත්‍රය සහ පොත් කට්ටලයක් තැගී ලෙසින් පිරිනැමෙන ජයග්‍රාහි යොවුන් නවකතා අත්පිටපත
    පැරා නිඳු – මුණිපාල පන්නිල
    ප්‍රශස්ත ඇගයීම්

  14. නාඳුගල මාමා – සරත් මුණසිංහ ආරච්චි
  15. මේක සොඳුරු ලෝකයක් – යමුනා සමරදිවාකර
    මුද්‍රණය සඳහා සුදුසු කුසලතා දක්වන ලද අත්පිටපත්
  16. මී මුත්තගෙ ජානකිටුව – ස්වර්ණපාලි ගුණසේකර
  17. දෙලොවට ඇති ළමයි – ඥානසේන පතිරණ
  18. එකොළහ බී – අමිතා රබ්බිඩිගල
  19. ගල් – එම්. ලීලානන්ද පෙරේරා
  20. රන්ගල කන්දේ නිධානය – චතුර චාමින්ද
  21. ගිරිලෙනක අදිසිව – කේ. ජී. අයෝධ්‍යා සොනාලි
  22. දිය ඇල්ල පාමුල – සචිනි හිමාෂිකා අමරසිංහ
    ඔබ සියලු දෙනාහට ගොඩගේ ආයතනයේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ සහ නන්දා ගොඩගේ මැතිණියගේ සුබ පැතුම් පිරි නැමේ. මේ කාර්ය සාර්ථක කරගනු වස් දායක වූ සමීක්ෂක මණ්ඩලයටත් ගොඩගේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සම්මාන කමිටුවේ ස්තුතිය පිරි නැමේ.
    විශේෂ සටහන
    2021 ගොඩගේ අත්පිටපත් තරගය සඳහා නිර්මාණ බාර ගැනීම අගෝස්තු මස 01 දා සිට 31 වෙනිදා කාලය තුළ දී සිදු කෙරෙන අතර තරග කොන්දේසි පසුව දැනුම් දෙනු ලැබේ.
    වැඩි විස්තර සඳහා විමසන්න – අනුරසිරි හෙට්ටිගේ 071 5 316 568

ගොඩගේ අත්පිටපත් තරගයේ සම්මාන කමිටුව.
2021 ජුලි මස 01 දින

Leave A Reply

Your email address will not be published.

ten − 2 =